hit counter

2025 මැයි මස 30 වන සිකුරාදා

2025 මැයි 30, පෙ.ව. 12:02



මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයෙන් පෙළුනද , ඒ හේතුවෙන් ඇය කිසිම විටෙක කඩා නොවැටුණු බවද , ඒ සියලු දේට ඇය ශක්තිමත්ව සිනහා සී මුහුණ දුන් බවද ඇයගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සඳහන් කරනවා.

එසේම, මාලනී ෆොන්සේකා මහත්මිය සිය රෝගයට දැඩි අධිෂ්ඨානයෙන් සහ උපේක්ෂාවෙන් මුහුණ දුන් ආකාරය අති විශිෂ්ට මෙන්ම සැමට ආදර්ශයක් බව ද පැවසූ හෙයියන්තුඩුව මහතා ඇය ඉතා නිර්භීත කාන්තාවක බවටද සඳහන් කළා.

තවද , මාලනී මහත්මිය රෝගී තත්වයේ පසුවෙද්දී වුවද , වකුගඩු නිවාරණ සංගමය සමඟ එක්ව සමාජ සුබසාධනය වෙනුවෙන්ද ලොකු වැඩ කොටසක් ඉෂ්ඨ කළ අයෙක් බවද එය ඉතා ඉහළින්ම අගය කරන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කරනවා.

වකුගඩු සංගමය මඟින් ප්‍රකාශයට පත් කළ වකුගඩුව පුවත්පත, එසේම එංගලන්තයේ දායාද සංගීත ප්‍රසංගය ප්‍රවර්ධනයටද ඇය උදව් උපකාර කළ බවද කි ඒ මහතා මතකයට නැගූ අතර, ආගමික වැඩසටහන් වලට උදව් උපකාර කළ ආකාරය ගැනද මතකද අවධි කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: