hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2025 මැයි 31, පෙ.ව. 12:02



ඇය අප්සාරි …හෂාන් තිලකරත්නගේ අදරණීය බිරිඳ ඇයයි… 

ඔවුන් දෙදෙනා ලංකාවේ බොහෝ දෙනා අතර ජනප්‍රිය චරිත ද්විත්වයක්.. ඉතිං අප්සාරි , පසුගිය දවසක සමුගෙන ගිය අසහාය නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා වෙනුවෙන් සංවේදී සටහනක් සිය ෆේස්බුක් පිටුවේ ලියා තිබුණේ මෙන්න මෙහෙමයි…

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ 70 , 80 දශකයේ මගේ තාත්තා මහරගම අනූෂා සිනමා ශාලාවෙ කළමණාකරු විදියට කටයුතු කලා…

මම රඟ නොපෑවට පොඩි කාලයේ ඉදලා සිනමාව මගේ ජීවිතයට ගොඩක්ම සමීපයි.

සිනමාවේ දැවැන්තයින් නිතරම මුණ ගැසෙනවා …

ඒ අය පැමිනෙන උත්සවලට සහභාගි වෙනවා. මට හොදින් මතකයි දවසක් මාලනී අක්කා විජේ කුමාරණතුංග එක්ක උත්සවයකට ඇවිත් ඉන්නවා.

එදා එයා ආවේ දිගම දිග කොණ්ඩෙ කඩලා දාලා බතික් ලුන්ගියක් ඇදලා කට් වර්ක් රෙද්දෙන් මැහුව කොට හැට්ටයක් ඇදලා.

ඒ හැට්ටෙ ඉස්සරහ පැත්තෙ මැද්දෙන් ලොකු බෝ එකක් දාලා තමයි ගැට ගහලා තිබුනෙ.

අත් දෙක සමනල තටු වගේ .

මම වශී වෙලා වගේ ඉටි රූපයක් වගේ ඉන්න ඒ දෙන්නා දිහා බලාගෙන හිටියෙ.

කොහොම හරි අපේ අම්මාට මටත් ඒ විදියටම ඇදුමක් මහලා දෙන්න වුනා ඊට පස්සෙ.

ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බස් එකෙන් බහින්නෙ ෆිල්ම් හෝල් එක ලගින්. අපේ ගෙවල් තිබුනෙ ඒ ලගමයි. ආස කරන ෆිල්ම් එකක් තිබුනොත් හිමීට ප්‍රධාන දොර ඇරන් ඇතුලට ගිහින් අයිනෙන් හිටගෙන ෆිල්ම් බලනවා.

අම්මා හොයාගෙන එනකම්. අනේ මාලනී අක්කා ඉන්න ෆිල්ම්ස් සිය සැරේ බලන්න ඇති මම. එයා අපේ අම්මලාගේ වගේම අපේ යුගයේ නිළි රැජිණයි…

කාන්තාවන් ඇයගේ විලාසිතා අනුගමනය කලා වගේම ඇය රගපෑ විවිධ චරිත කාන්තාවන් වෑලද ගත්තේ ඒ හැම චරිතයක්ම බොහෝ කාන්තාවන්ගේ ජීවන කතාවන් වූ නිසාමයි.

මට ඇත්තටම මාලණි අක්කා කිහිප විට හමුවුනා පසු කාලයේදීත්. Great ladies වැඩ සටහන මා මෙහෙයවද්දී ඇය සමග වැඩසටහනක් කිරීමට ලැබුනා.

එදා මම අක්කා එක්ක ගොඩක් දේ කතා කලා. මම ඇයට කිව්වා කුඩා කල පටන් මගේ ජීවිතයේ මා ආදරයෙන් වැළද ගත් ඇය සමග මෙලෙස වැඩසටහනක් කිරීමට ලැබීමම මහා අරුමයක් බව.

අක්කේ ඔයා හෙළ සිනමාවේ රැජිණයි. ඔයාට මහන්සි ඇති …. ඔබ නිදන්න ඔබ නිදන්න…සුවෙන් සැතපිලා …





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: