hit counter

2025 මැයි මස 25 වන ඉරිදා

2025 මැයි 26, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රයේ නිළි රැජිණ හෙවත් මාලනි ෆොන්සේකා මහත්මිය පසුගියදා සිය ජීවිත ගමනට සමුදුන්නා. ඒ සුවහසක් ඇයට ආදරය කරපු ප්‍රේක්ෂකයන් හඩවමින්.කාලාන්තරයක් තිස්සේ පිළිකාමය රෝගී තත්ත්වයකටයි ප්‍රතිකාර කළා. නමුත් එයා යුතු තැන ඇයට යන්නම සිදුුවුණා.ඇය පිළිකාවට ප්‍රතිකාර කරද්දේ ජනාධිපති අරමුදලෙන් ඊට ආධාර ලබා ගත්තා යැයි සඳහන් වෙනවා.

පසුගිය කාලේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත පුද්ගලයන් පිළිබඳ නොයෙකුත් කතා සමාජය තුළ නිර්මාණය වුණා.ඒවගේම ඒ විදිහට අරමුදල් ලබා ගත්තු පිරිසට අපහාස කරන්නත් පටන් ගත්තා. ප්‍රසිත රංගන ශිල්පිනියක් වන මාලනී ෆොන්සේකාගෙන් ඥාති දියණියක් වන සමනලී ෆොන්සේකා කියන්නෙත් දේශපාලන භූමිකාව තුළ ඉන්න දැවැන්ත චරිතයක්.

ඇයත් නියෝජනය කරන දේශපාලන කණ්ඩායම් ඇතුළු බහුතරයක් දෙනා මාලනීට ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්තා යැයි අපහාස කරන විට සමනලී ඒ පිළිබඳ අදහස් දක්වා තමන්ගෙන් නැන්දනියගේ රෝගී තත්ත්වය වෙනුවෙන් ඇය මුදල් ලබා ගත්තා කියන කාරණාව සාධාරණීකරණය කර නැහැ.

සමාජ මාධ්‍යවල සඳහන් වන ආකාරයට ඇය තමන්ගේ දේශපාලන ගමන ගියා මිස නැන්දනිය වෙනුවෙන් පෙනී සිට නැත.එම නිසාම විවිධ පක්‍ෂ අපහාස කරන විට ඇය මුනිවත රකිමින් නිහඩව සිටියා කියලත් බොහෝ දෙනා සමනලීට චෝදනා කරනවා. නමුත් ඇය මෙවන විට ආණ්ඩු පක්ෂය සමඟ එකට වාඩි වී මාලනි ෆොන්සේකාගේ දේහය රාජ ගෞරවය සහිතව මිහිදන් කිරීමට සාකච්ඡා පවත්වමින් සිටින බවත් ඇය නැන්දනිය මිය ගිය පසු ද ඇය පිළිබඳව කතා කරන්නේ යනුවෙන් සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.ඉතින් එක්තරා පුද්ගලයෙක් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම තුළ ද ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කරලා තිබුණේ පහත ආකාරයෙන්.

“තමන් දර දිය අදින, බර පංතියෙන් කඩේ යන කුහක පක්ෂෙ උන්…. ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත කියල W.M.S ෆොන්සේකා කිය කිය ලිස්ට් වල නම කියව කියව නැන්දට අපහාස කරද්දි… ඒ සල්ලි ගත්තෙ එයා විඳවපු පිළිකාවට ප්‍රතිකාර ගන්න කියල එක වචන හත අටකින් නිවැරිදි කරන්න බැරි වුණ නල්ලමලේ දෝණියැන්දා… නැන්දව උත්සවාකාරයෙන් වළලන හැටි කතා කරගන්න කුහකයො ළඟට ගිහින්… මේවට තමයි මිත්‍රවරුනි කියන්නේ මිනී විකුණන් කනවා කියලා “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: