2025 මාර්තු 24, පෙ.ව. 12:09
වෘත්තීය ජීවිතය ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්.. මාලනී ෆොන්සේකා..
මේ කියන්න යන්නේ ඒ ප්‍රවීණ ශිල්පිනිය ගැන ඇසෙන කතාවක්..
ලාංකීය සිනමාවේ නිළි රැජන මාලිනි ෆොන්සේකා වෙනුවෙන් මේ සූදානම් වෙන විශේෂ කාරණය කුමක්ද..? ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ආකාස කුසුම්” සිනමාපටය වසර දාහතකට පසුව නැවතත් තිරගත වීම ඒ විශේෂ කාරණයයි..
මාලිනි ෆොන්සේකා මහත්මියගේ 78 වැනි ජන්ම දිනය වෙනුවෙන් මෙය සිදුවෙන අතර, ඇගේ උපන්දිනය යෙදෙන අප්‍රේල් 30 වැනිදා සිට සීමිත දින ගණනක දී ඇයගේ ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නැවතත් තිරගත කිරීමට සූදානමින් සිටින බවට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පවසා තිබෙනවා..
මෙය ඇත්තෙන්ම මාලිනී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ අවිවාදයෙන්ම කඩඉමක් ලෙස හැදින්විය හැකි චිත්‍රපටයක් වෙනවා.. ඇයගේ රංගන ජීවිතයේ වසර 50ට ම ඇය ලැබූ ඉහළම සම්මානය වූයේ, 2008 වර්ෂයේ ඉන්දියාවේ ගෝවේ නගරයේදී 39 වන අන්තර් ජාතික ඉන්දීය සිනමා උලෙළේ දී ලබාගත් “රජත මයුර” සම්මානයයි…
ඊට පසුව ඇයට මෙම සිනමා පටය සඳහා “ආසියානු පැසිපික්” සිනමා සම්මාන උලෙළේ දී හොඳම නිළියට නිර්දේශ වුණා.. ඉතාලියේ පැවැති “ලෙවන්තේ” සිනමා සම්මාන උලෙළේ දී හොඳම නිළියට හිමි සම්මානය ලබාගත්තා.. ඊට අමතරව “ආකාස කුසුම්” සිනමා පටයත් තවත් අන්තර් ජාතික සිනමා සම්මාන උලෙළවල් කිහිපයකදීම සම්මානයෙන් පිදුම් ලැබුවා.. මෙම සිනමා පටයෙන් ඇයගේ රංගනය දෙස් විදෙස් සිනමා විචාරකයන්ගේ මෙන්ම ප්‍රේක්ෂකයන්ගේ ද ඇගයීමට ලක්වුණා.. ඉතින් මෙම සිනමා නිර්මාණය ඇයගේ රංගනයට පමණක් නෙවෙයි, ජීවිතයටත් කඩඉමක් වුණා කියන්න පුළුවන්..
හෙළ සිනමාවේ නිලි රැජින සමග මෙහි නිම්මි හරස්ගම, දිල්හානි අශෝකමාලා, සමනලී ෆොන්සේකා, ජයනි සේනානායක සහ කෞශල්‍ය ප්‍රනාන්දු වැනි තවත් ප්‍රවීණයින් රංගනයෙන් දායක වුණා…
වසර 17ක් පැරණි මෙම “ආකාස කුසුම්” සිනමා පටය නව තාක්ෂණයෙන් ප්‍රතිස්ථාපනය කරමින් අප්‍රේල් 30 වැනිදාට යෙදෙන මාලිනි ෆොන්සේකාගේ 78 වන ඡන්ම දිනය දවසේ දී විශේෂ දර්ශනයක් පවත්වන බවයි මෙහි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පවසා තිබුණේ..
2025 මාර්තු 25, පෙ.ව. 12:27
2025 මාර්තු 25, පෙ.ව. 12:21
2025 මාර්තු 24, පෙ.ව. 12:05
2025 මාර්තු 24, පෙ.ව. 12:03
2025 මාර්තු 23, පෙ.ව. 12:06
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
24-03-25
23-03-25
23-03-25