hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 19, පෙ.ව. 12:05



පහුගිය දවසක NPP තරුණ රැළිය අමතමින් ජනප්‍රිය නිළි මනෝජා ප්‍රනාන්දු කළ කතාවක්, සමාජ මාධ්‍යයේ තරමක කතාබහක් ඇති කරලා තිබුණා.

මනෝජා ප්‍රනාන්දු සිය කතාව තුළ මතුකළ අදහස වුණේ, තරුණ ජීවිතවල අනාගතය වෙනුවෙ මෙතෙක් කල් රට පාලනය කළ ඇතැම් වයෝවෘද්ධ පිරිස් එලවා දැමිය යුතුය යන්න.

ඇය කළ මේ ප්‍රකාශය ධනාත්මක එකක් විදියටත්, තවත් ආකාරයකින් සෘණාත්මකව විවේචනයක් හැටියටත් සමාජ මාධ්‍යයේ හුවමාරු වන අන්දම දැකිය හැකි වුණා.

කොහොම නමුත් එයාකාරයෙන් ඊට ලැබෙන ප්‍රතිචාර හමුවේ, ඇය සිය සමාජ මාධ්‍ය වේදිකාවන්හි තවත් සවිස්තරාත්මක සටහනක් තියලා.

එම සටහන පහතින්…

”ලෝකෙ කව්රු දේශපාලනය කරත් ඕනම සුළි කුණාටුවකට ඔරොත්තු දෙන්න ශක්තියක්, confident එකක් තියෙන්න ඕන කියලා මන් විශ්වාස කරනවා.

ඒ වගේම මගේ ඒ ශක්තිය,මේ මොහොතේ මන් අත්විඳිමින් ඉන්නවා.

මන් මුලින්ම දේශපාලන වේදිකාවට ගොඩ වෙනකොටත් මගේ තාත්තා මට කිව්වෙ මේ ටිකමයි.

තාත්තා හරි..

“රටක් වශයෙන් දේශපාලන සාක්ෂරතාවයක් නොමැති රටක ” දේශපාලන මතයක් සමාජගත කරනවා කියන්නෙ ලේසි දෙයක් නෙමේ.

ඊටත් වඩා “ලංකාව වගේ දූෂිත දේශපාලනය රජ කරමින් ඉන්න රටක ” කාන්තාවක් , තරුණියක් විදිහට දේශපාලන මතවාද බෙදාගැනීමක් කියන්නේම ඉතාමත් අසීරු කාර්යයක්.

ඒ වගේම මන් තරුණ රැලිය අමතමින් සඳහන් කල සෑම කරුණක්ම සඳහන් කර තිබුණේ , රටේ සමස්ථ වැඩිහිටියන්ට නෙමේ.

එහෙම සඳහන් කලා නම්….,

කතාවේ අවසානයේ අපේ විප්ලවය වෙනුවෙන් ” එදා අපි වගේම මේ විදියට එළියට බැස්ස තරුණයන් අද වැඩිහිටි පරම්පරාවක් විදිහට අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්නවා ” කියන්න මට අවශ්‍ය වෙන්නෙ නෑ.

ඒ නිසා දේශපාලන සාක්ෂරතාවයක් තියෙන සහ මොළයක් තියෙන මනුස්සයෙක්ට හොඳින් තේරෙනවා, අවුරුදු 76ක් පුරාවට රටේ නීති හදන තැන පාර්ලිමේන්තුවේ ඉදන් මේ රට පාලනය කරලා තියෙන දූෂිත පාලකයින්,

නැත්නම් පරම්පරා ගණනාවකගේ ජීවිත නාස්ති කරපු වයසක පිරිස (පැහැදිලිව ඔවුන්ගේ නම් සඳහන් කලා) එලවා දැමිය යුතු බව තමයි සම්පූර්ණ කතාවෙන් මන් ඒ සඳහන් කලේ කියලා.

මේ වගේ දූෂිත දේශපාලනයක් රජයන සමයක මට හදපු සාහසික post වලට වඩා අර්ථවත් post බලාපොරොත්තු වෙන්න බැහැ.

කාන්තාවකට ගරු කරාවි යන කාරණය නම් බලාපොරොත්තු වූණේම නෑ.

(මන් සඳහන් කල දේ තව දුරටත් තේරුම් ගැනීමට අපහසු නම්, පලමු comment එකේ ඇති video එක බලා රටේ තත්ත්වය තේරුම් ගන්න)

මතවාදීව ගැටෙන්න

සදාචාරාත්මක වන්න.

ජය වේවා ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: