hit counter

2025 අගෝස්‍තු මස 13 වන බදාදා

2025 අගෝස්‍තු 11, ප.ව. 5:40



ඉන්දියාවේ පැවති 08 වන ” යොවුන් මිහිකත රූ රැජින – 2025 තරගාවලියට ( Miss Teen Earth – 2025 ) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ,මවිති පුන්සරණි මෙනවිය , එම තරගාවලියේ හොදම දේශීය ඇදුම් නිර්මාණයට ( Best in National Costume ) හිමි වන සම්මානය දිනා ගෙන 08/11 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

මෙම තරගාවලිය වයස අවුරුදු 20 ට අඩු ලෝකයේ රටවල් 15 ක රූ රැජිනියන් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉකුත් 08/03 දින සිට 08/09 දින දක්වා ඉන්දියාවේ ජායිපූර් නුවර පවත්වා තිබුණි.

19 හැවිරිදි   මවිති පුන්සරණි නිරූපන ශිල්පිනියකි ලෙස කටයුතු කරන අතර ඇය විසින් ඉදිරිපත් කළ දේශීය අනන්‍යතාවය පිළිඹිබු කෙරෙන මෙම ඇදුම් නිර්මාණය සදහා මෙම සම්මානය හිමි වී තිබේ.

මවිති 08/11 දින පස්වරු 01.30 ට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිට , ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1181 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සදහා යොවුන් මිහිකත රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ සහ එහි ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක , මවිතිගේ දෙමාපියන් , නැදෑ හිතවතුන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: