2025 මැයි 27, පෙ.ව. 12:03
මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන, ඉන්දියාවේ තෙලන්ගානාහි පැවැත්වෙන 2025 ලෝක රූ රැජින තරගයෙන් එක්සත් රාජධානිය නියෝජනය කළ එංගලන්ත රූ රැජින හදිසියේම ඉවත්ව යාම ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය කර තිබෙනවා.
ඒ, ඇය තරගයෙන් ඉවත්ව ගොස් කරන ලද ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන්.
24 හැවිරිදි ඈ, මිලා මාගී (Milla Magee) නම් වේ.
මිලා සිය ප්‍රකාශයන් තුළින් පෙන්වා දී ඇත්තේ, තරඟකරුවන්ට සලකන ආකාරය ඉතාමත් කනස්සලු සහගත බවත් ඒ හේතුවෙන් තමන් තරගයෙන් හදිසියේම ඉවත් වීමට තීරණය කළ බවයි.
ඒ අනුව ඇය “The Sun” වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ තරගය අතරතුරදී තමන් “සූරා කෑමට ලක් වූ” බවත් තරගකරුවන්, අනුග්‍රාහකයින් සහ අමුත්තන් යන පිරිසට සංග්‍රහ කිරීම සඳහා පැවති උත්සවවලදී තමන්ට දැඩි අපහසුතාවයක් දැනුණු බවයි.
“අමුත්තන් හය දෙනෙකුගෙන් යුත් සෑම මේසයකටම ගැහැණු ළමයින් දෙදෙනෙකු සිටියා.
අපි මුළු සවසම ඔවුන් සමඟ වාඩි වී සිටියා. ඔවුන්ට ස්තූති කරනවා වගේ. මට ඒක විශ්වාස කරන්න බැරි වුණා.
මේක හරිම වැරදියි, කියලා මම හිතුවා. මම මෙහි ආවේ මිනිසුන්ගේ විනෝදාස්වාදය සඳහා පුහුණු වීමට නොවේ.”
එහිදී ඈ වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමාව එම අවස්ථාවේදී ”ගණිකාවක් ලෙස හැඟෙව්වා” යනුවෙනි.
“ඔවුන් මාව ගණිකාවක් ලෙස හැඟෙව්වා.
කවදාවත් මම ඒ තත්ත්වයට පත්වේ යැයි අපේක්ෂා කළේ නැහැ.
අපි මේ අය සතුටු කිරීමට වඳුරන් වගේ එහි වාඩි වී සිටියා.
මම මෙහෙට ආවේ මිනිස්සුන්ගේ විනෝදාස්වාදය සඳහා වැඩ කරන්න නෙවෙයි.
මට එය දරාගත නොහැකි වුණා. සදාචාරාත්මකව, මට එහි කොටසක් විය නොහැකි වුණා….”
එමෙන්ම එහි නිලධාරියෙකු එක් අවස්ථාවකදී තමාට සහ මිතුරියන්ට බැණ වැදුණු බවටත් මිලා මාගී චෝදනා කර තිබුණා.
ඒ අනුව ඈ තරගය අතරමැදදී ඉවත්ව යාම මහත් කතාබහට තුඩුදුන් කාරණයක් බවට පත්වුණා.
නමුදු ඇය තරගයෙන් ඉවත් වූ අවස්ථාවේ සඳහන් කර තිබුණේ, ඇති වූ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් තරගයෙන් ඉවත් වීමට තමන් තීරණය කළ බවයි.
මේ අතර තරගයට එක්සත් රාජධානිය නියෝජනය කිරීම සඳහා Miss England 2024 තරඟයේ අනුශූරිය වන චාලට් ග්‍රාන්ට් එක්වීමට නියමිත බවත් සඳහන්.
මෙලෙස මිලා මාගී තරගය අතැර යාම පිළිබඳව, ලෝක රූ රැජින ප්‍රධාන විධායක නිලධාරිනි ජූලියා මෝර්ලි ප්‍රකාශයක් ද සිදුකර තිබෙනවා.
ඒ, මිලා මාගීගේ හැසිරීම සහ ඇගේ ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කලකිරීමට පත්වන බවයි.
එමෙන්ම අදාළ ප්‍රකාශ අසත්‍ය බවත් ඒවා හුදු අවදානය සහ ආකර්ෂණය සඳහා කළ ඒවා බවයි ජූලියා මෝර්ලි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
මෝර්ලිට අනුව මාගී මුලින්ම තරගයෙන් ඉවත්ව ගොස් ඇත්තේ මව අසනීපයෙන් යැයි සඳහන් කරමිනි.
”කිසිවෙකු මේ වගේ දෙයක් අපේක්ෂා කළේ නැහැ.
සමහර විට මිනිසුන්ට අවිනිශ්චිත බවක් දැනෙන බව මම තේරුම් ගන්නවා, විශේෂයෙන් ඔවුන්ගේ ජීවිතයේ දේවල් හොඳින් සිදු නොවන විට.
මිලා මට කිව්වා ඇගේ මවට සනීප නැති බව.
එහිදී ඇය නැවත නිවස වෙත යා යුතු බව අවිවාදිතයි. අපි ගුවන් ගමනක් සූදානම් කර ඇයව ආපසු යැව්වා.
නමුත් හදිසියේම, අපට මේ සිදුවීමේ බෙහෙවින් වෙනස් කතාවක් අහන්න ලැබුණා.
එංගලන්තය මාධ්‍ය අතිශයෝක්තියට ප්‍රසිද්ධයි.
මම කෝප වෙන්නෙ නෑ…. සමහර විට ඇය වෙනස් ආකාරයක අවධානයක් සොයමින් සිටියා විය හැකියි.
රාත්‍රී භෝජන මේසයක පිරිමින් වටකර සිටීම ගැන ඇය පැවසූ දේ සම්පූර්ණයෙන්ම අසත්‍යයයි.
අපි සියලු දෙනාම එකම රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වූ අතර,
ඇය ද වෙනත් කාන්තාවන් සමඟ වාඩි වී සිටින ආකාරය පෙන්වන ඡායාරූප පවා තිබේ.
ඉන්දියාව එහි දියණියන්ට ගරු කරන රටක්.
මම දැඩිව කලකිරී සිටිමි. නමුත් මෙය මගේ කාලය කා දැමීමට හෝ ලෝක රූ රැජින ඉසව්වට බලපෑම් කිරීමට මම ඉඩ නොදෙමි.
සත්‍යය පැවසීමයි වැදගත්. සැබෑ සත්‍ය නම්, නුසුදුසු කිසිවක් සිදු නොවූ බවයි.
තරඟය සඳහා එංගලන්තයේ අනුශූරිය මැදිහත් වීම ගැන මට සතුටුයි.
ඇය අනෙක් සියලුම තරගකරුවන් මෙන් ඉතා සතුටින් සිටින බව පෙනේ.
මෙමඟින් අප ඉන්දියාවට ආදරය කිරීම වළක්වන්නේ නැත…”
2025 ජූලි 02, පෙ.ව. 12:09
2025 ජූලි 02, පෙ.ව. 12:05
2025 ජූලි 02, පෙ.ව. 12:04
2025 ජූලි 01, පෙ.ව. 12:07
2025 ජූලි 01, පෙ.ව. 12:03
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
02-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25
01-07-25