hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු 22, පෙ.ව. 12:01



ඔහු නමින් ලක්ෂාන්, සමාජ මාධ්‍ය තුළ කාගේත් ආදරය දිනාගත්ත මේ තරුණයා කාගේත් ආදරය දිනාගත්ත අයෙක්. 

අසරණ සත්තුන්ට ප්‍රතිකාර කරලා විතරක් නෙවෙයි, සත්තුන්ගේ ආකෘති නිර්මාණයට, මැරුණු සතුන්ගේ සම් පුරවා නැවතත් ඒ සතුන් ප්‍රතිනිර්මාණය කරන්න මේ තරුණයාට හැකියාව තියනවා.

තවමත් බොහෝ දෙනෙක්ගේ අවදානය මොහු වෙන යොමු වන්නේ මේ කාරණා නිසා වුණාට, විසි තුන් හැවිරිදි ලක්ෂාන්ට පසුගිය දවසක අත්විදින්න ලැබුණේ කිසිවෙකුත් නොසිතූ කරදරයක්. ඔහු එක් පිඹුරෙකුට ප්‍රතිකාර කළා. ඒ කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවිමයි.

ඒත් ලක්ෂාන් නොසිතූ විදිහකට ඔහු සමාජමාධ්‍යට එක්කල ඒ වීඩියෝව නිසා නීතිමය කරදර ගොඩකට මුහුණදෙන්න මේ තරුණයාට සිද්ධවෙලා.

අද ඔහු කනස්සල්ලෙන් කතා කරන්නේ අන්න ඒ සිද්ධිය ගැනයි. කොහොම වුණත් නැවතත් මෙවැනි සතුන්ට මේ තරුණයා ප්‍රතිකාර කරාවිද යන සැකයත් මේ එක්කම අපිට ඇතිවෙනවා. මේ අන්න ඒ ගැන ඔහු කියූ කතාවයි.

“මේ අත් දෙකෙන් ආය කිසිම නීතියෙන් ආරක්ෂිත වන සතෙක්ට ආය ප්‍රතිකාරකයක් වෙන එකක් නෑ. හේතුව මම පිඹුරෙක්ට ප්‍රතිකාර කළා කොන්දට හානි වුණ.

80% ක් විතර සුව වෙලා හිටියේ. මේ සම්බන්ඳයෙන් කටයුතු කරන නිලධාරීන් ගෙදරට ඇවිත් වැටලීමක් කරලා මේ සතාව එයාලගේ බාරයට ගත්තා.

එදා ලක්ෂයක ශරීර ඇපයකින් නිදහස් වෙලා අද නඩුවෙන් රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම වුණා. ඇත්තටම දුකයි. මම කලේ හානියක් නෙවෙයි ඒ වන සතාව ආරක්ෂා කරලා සුව කිරීමක්. කිසිම දවසක මේ සතෙක්ගෙන් මම මුදල් හම්බකරලා නෑ. මගේ මුදල් වලින් බෙහෙත් කළේ. මෙච්චර රටේ සතුන්ට කරදර වෙද්දි මම කළේ සතෙක් ආරක්ෂා කරපු එක..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: