hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 05, පෙ.ව. 11:22



එක දවසකට මිලියන 5ක් ගෙඩි පිටින්ම දෙන ගේම් ශෝ එකක් ඔන්න දැන් ලංකාවට.

මගේ වයස අවුරුදු 25යි.. ඉතින් දන්නවනේ මම ඇතුලු මේ වයසේ ඉන්න ගොඩාක් අය ටීවී වලට වැඩිය මේ කාලේ ඉන්නෙ Internet එකත් එක්ක කියලා..හැබැයි අහම්බෙන් වගේ ටීවි එක බලද්දී (මට මතක හැටියට අර අරගලේ යන කාලේ වෙන්න ඕනේ..ඒ කාලෙ ඉතින් ගොඩක් අය බැලුවේ සිරස නෙහ්..මාත් බැලුවේ ඉතින් ඒ සිරස..) මං දැක්කා Five Million Money Drop කියලා වැඩසටහනක් ගැන.. කොහොමත් අපි දන්නවානේ ලංකාවේ ඔය කොච්චර මීඩියා චැනල් තිබ්බත් වැඩක්, වැඩක් විදියට කරනවා නම් කරන්නේ සිරස කියලා.. සිරස මේ ඇඩ් එක ගහන හින්දා මං පොඩ්ඩක් Youtube එක පැත්තේ එහෙම ගිහින් බැලුවා මේ Money Drop කියන්නේ මොකක්ද කියලා.. ඔයාලටත් ඕනේ නම් මේ Links වලට පොඩ්ඩක් ගිහිල්ලා International versions බලන්න..

Money Drop International versions 1

Money Drop International versions 2

සරලවම කිව්වොත් Money Drop කියන්නේ UK Base වුන ගේම් ශෝ එකක්.. ඔරිජිනල් එ කේ නම The Million Pound Drop.. පළවෙනි වතාවට මේ වැඩසටහන විකාශය කලේ 2010 දෙසැම්බර් 10. මේ වෙනකොට ඇමරිකාව, චිලී, ඉන්දියාව, මැලේසියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව වගේම ඕස්ට්‍රේලියාවේත් Money Drop වැඩසටහන සාර්ථක විදියට විකාශය වෙලා තියෙනවා.. එක වැඩසටහනකදී මිලියන 5ක් දෙනවා නම් ඒ වගේ වැඩසටහනක් ප්‍රසිද්ධ නොවුනා නම් තමා ඉතින් පුදුමේ.. නේද..?

මෙච්චර දේවල් කිව්ව එකේ මං පොඩ්ඩක් වැඩසටහන යන විදිය ගැනත් කියන්නම්.. මේක තනිකරම ගේම් ශෝ එකක්.. දෙන්නෙක්ට මේකට එක පාර සහභාගි වෙන්න පුලුවන්.. (මට හිතෙන විදියට දෙන්න අඳුනන දෙන්නෙක් සහභාගී වෙනවා නම් තමා ඉතින් හොඳ.. එතකොටනේ පොඩ්ඩක් ෆන් විදියට ගේම් එක කරන්නත් පුලුවන් වෙන්නේ ) සහභාගි වෙනි දෙන්නට ප්‍රශ්න 7ක් හම්බෙනවා.. ප්‍රශ්න කිව්වට ඒවා මේ නිකන් උත්තර දෙන්න අමාරු විදියේ, දොළහා දහතුන පන්තිවල ජීව විද්‍යාවෙන්, භෞතික විද්‍යාවෙන් වගේ අහන ප්‍රශන නෙමෙයි.. ඕනෙම සාමාන්‍ය දැනීමක් තියෙන කෙනෙක්ට උත්තර දෙන්න පුළුවන් විදියේ ප්‍රශ්න තමා අහන්නේ..

අදාල ප්‍රශ්න වලට උත්තර දෙන්න කාලයක් හම්බෙනවා.. ඒ කාලෙ ඇතුලත උත්තරේ දෙන්න තමයි තියෙන්නේ.. හැබැයි මේ උත්තරේ දෙන්න තියෙන විදිය ටිකක් වෙනස්.. හිතන්නකෝ..පලවෙනි ප්‍රශ්නෙට උත්තර විදියට ඔයාට උත්තර 4ක් හම්බෙනවා.. ඒ හතරෙන් ඔයාගේ අතේ තියන මිලියන 5ක මුදල කැමති උත්තර වල තියන්න පුලුවන්.. ඔයාට උත්තරේ හරියටම ශුවර් නම් සම්පූර්ණ මුදලම අදාල තැනින් තියන්න පුලුවන්..

ශුවර් නැත්තම් උත්තර දෙක තුනකින් උනත් මුදල් ප්‍රමාණය තියන්න පුලුවන්.. කොහොමහරි ඔයාට ඉතුරු වෙන්නේ හරි උත්තරයට තියපු මුදල් ප්‍රමාණය විතරයි.. වැරදි උත්තර වලට තියන මුදල් ටික ඔයාට නැති වෙනවා.. අන්න ඒ දේ සිද්ධ වෙන හින්දා තමයි මේ වැඩසටහනට Money Drop කියලා කියන්නේ..

ඒ කොහොම වෙතත්.. මේ කාලේ අපි හැමෝටම මුදල් ප්‍රශ්න තියෙනවානේ.. නිකමට හිතන්නකෝ මිලියන 5ක් දිනා ගන්න හම්බුනොත් කොහොමද කියලා… අනික ඒ වෙනුවෙන් මහ ලොකු දෙයක් කරන්නත් නෑ.. ප්‍රශ්න 7කට උත්තර දෙන්න විතරයි තියෙන්නේ..ඒකත් තනියම නෙමෙයි තව කෙනෙකුත් එක්ක.. මං දැක්ක විදියට 7788ට කෝල් එකක් දීලා ඔයාලට මේ ගේම් එකට යන්න රෙජිස්ටර් වෙන්න පුලුවන්.. (apply කරන විදිය ගැන නම් කිව්වේ සමාජ සේවාවක් විදියට ආ) එහෙනම් පරක්කු කරන්න එපා.. මට තේරුන විදියට සිරසෙන් කරන හින්දා වැඩේ පත්තු වෙලාත් යයි නියමෙට..

මේ තියෙන්නේ එයාලගෙ Facebook Page එකේ ලින්ක් එක

five Million Money Drop – Facebook

මේ තියෙන්නේ  එයාලගෙ Youtube Channel එකේ ලින්ක් එක

five Million Money Drop – Youtube

වැඩසටහන ගැන සම්පූර්ණ විස්තරේ පහලින් බලන්න