2024 සැප්තැම්බර් 03, පෙ.ව. 12:02
මෙවර පැරා ඔලිම්පික් තරඟාවලියේ දී දුනු ශූර ජෝඩී ග්‍රින්හැම් කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
මාස හතක ගැබිණියක් වන ඇය 2016 රියෝ ක්‍රීඩා උළෙලේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කම දිනාගත් පසු පැරිසියේ ග්‍රින්හැම්ගේ ලෝකඩ පදක්කම ඇයගේ පළමු පැරා ඔලිම්පික් පදක්කමයි.
ජෝඩි දුනු ශූරියක්. ඇය මෙවර පැරා ඔලිම්පික් නියෝජනය කරන්නේ තනියම නම් නෙවෙයි. ඇගේ තනියට තවම මෙලොව එළිය නොදුටු පුංචි අමුත්තෙකුත් ඉන්නවා.
ඒ කියන්නේ ජෝඩි, නාඩා හෆීස් සේ ම සත් මසක ගැබිණියක්.
දරු ගැබත් දරාගෙන තරග බිමට පිවිසි ඇය කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්කම් දක්වනවා.
2016 රියෝ ක්‍රීඩා උළෙලේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසු මෙලෙස ජෝඩි තමන් සන්තක කරගන්නේ ඇයගේ පළමු පැරාලිම්පික් පදක්කම වීම සුවිශේෂීයි.
විදෙස් වාර්තාවන්ට අනුව පැරිසියේ වෛද්‍ය පහසුකම් යටතේ මේ කාලය ගත කළ 31 හැවිරිදි ඇය, තරගය අවසන සඳහන් කර තිබුණේ තමන් ගැන සැබවින්ම ආඩම්බර වන බවක්.
ඒ දුෂ්කරතා මධ්‍යයේ වුව ලැබූ ජයග්‍රහණය ගැන.
“මම මා ගැන ඇත්තෙන්ම ආඩම්බර වෙමි. එය පහසු නොවීය.
නමුත් මම සහ දරුවා නිරෝගීව සිටින තාක් කල්, අපට තරඟ කළ හැකි බව මම දැන සිටියෙමි.
මම බබාට කියනවා ‘ඔයා හිටියා, පැරාලිම්පික් වේදිකාවේ’ කියලා…”
2025 ජනවාරි 15, පෙ.ව. 12:03
2025 ජනවාරි 14, පෙ.ව. 12:07
2025 ජනවාරි 13, පෙ.ව. 12:08
2025 ජනවාරි 13, පෙ.ව. 12:06
2025 ජනවාරි 12, පෙ.ව. 12:06
15-01-25
15-01-25
15-01-25
15-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
14-01-25
13-01-25
13-01-25
13-01-25
13-01-25
12-01-25
12-01-25
11-01-25
11-01-25
11-01-25
11-01-25
10-01-25
10-01-25