2024 දෙසැම්‍බර් 08, පෙ.ව. 12:04
ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් වන ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පානදුර උතුර පොලීසිය විසින් ය.
පානදුර උතුර ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගී වූ නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සව ශාලාවක පැවැති උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු මෙලෙස පහර දී තිබෙනවා.
එම පහරදීමෙන් තුවාල ලැබූ නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.
මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම උත්සව ශාලාවේ පැවැති සංගීත ප්‍රසංගය සඳහා නදිමාල් පෙරේරා නියෝජනය කළ සංගීත කණ්ඩායමට සංගීතය සැපයීම සඳහා ආරාධනා ලැබ තිබිණ.
එම සංගීත ප්‍රසංගය අතරතුර දී ඔහු පහළ මහලට බැස ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
එම පහරදීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බව ද පොලීසිය පවසයි.
තවද පොලීසිය පැවසුවේ මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලීසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ ප්‍රසංගය සංවිධානය කළ පාසල ද ලබා ගෙන නොමැති බව ය.
කෙසේ වෙතත්, සිද්ධිය සැලවීමෙන් පසු පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති සංජීව ලක්මාල් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ගැටුම මැඩ පැවැත්වීමට කටයුතු කර තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ ගායන ශිල්පී නදිමාල් පෙරේරා පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටි.
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26