hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 23, ප.ව. 11:04



ලාංකේය සමාජයේ දෛනික පැවැත්මට ඍජුව දායක වන, එනමුත් සමාජ ක‍්‍රමය තුළ කිසිදු ඇගයීමකට හෝ සැලකීමකට පමණක් නොව සඳහනකට වත් මෙතෙත් ලක් නොවූ , වෘත්තීමය අයිතිවාසිකම් හෝ අගයක් පවා නොමැති සේවක කොටසක් වන නාට්ටාමිවරුන්ගේ ඉතිහාසය බ්‍රිතාන්‍යය යුගය දක්වා විහිදෙන බව අප සමාජය තුළ අප‍‍්‍රකට කරුණක්.

නාට්ටාමි සේවයේ නියුතු සාමාන්‍ය වැසියන්ගෙන් සැදුම්ලත් මෙම සමාජ කුලකය අද වන විට අප සමාජය තුළ උප සංස්කෘතියක් දක්වා ව්‍යාප්ත වී ඇත්තේ දශක ගණනාවක් පුරා සිදුවෙමින් පැවති සමාජ සහ මානව විද්‍යාත්මක සාධක වල වර්ධනයත් සමගයි.

මෙම උපසංස්කෘතික මානව කොටස ගැන දේශපාලනික වශයෙන් , සමාජයීය වශයෙන්, කාලා විෂයන්ගෙන් හෝ වෙනත් කිසිදු අංශයකින් කිසිදු තැකීමකට හෝ ඇගයීමකට මෙතෙක් ලක්වී නොමැත.

සාධාරණත්වය සහ සමානාත්මතාව අගයන, සම අයිතීන් වෙනුවෙන් ගරු කරන සමාජයක් ගොඩනැගීමේ සමාජ කාර්යයට නව්‍ය පැතිකඩකින් දායක වීම උදෙසා සිනමාත්මක සංකල්පයකින් ඊට දායක වීම කාලෝචිත යැයි ඔවුන් විශ්වාස කරනවා.

ඉහත සඳහන් කරුණු සියල්ල සැලකිල්ලට ගෙන, නාට්ටාමිවරුන්ගේ ජන සමාජය පිලිබඳ දීර්ඝ සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් සිදු කොට , ඒ ඔස්සේ ලියවුනු තිර පිටපත ඇසුරෙන් දේවින්ද කෝන්ගහගේ ගේ අධ්‍යක්‍ෂනයෙන් සහ සයිබර් සිනමා කොපරේශන් හී ගාමිණී පතිරණගේ ගේ නිෂ්පාදන දායකත්වයෙන්, ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ ප‍‍්‍රථම වතාවට , නාට්ටාමිවරුන්ගේ ජීවත සහ සමාජ පැතිකඩ අළලා , ‘‘නාට්ටාමි ආමි’’ නම් වූ සිනමා කෘතියක් නිමවා ඇති බව සතුටින් දන්වා සිටිනවා.

ඉතිහාසයේ සිට මෙතෙක්, ලංකාවේ කලා ක්‍ෂේත‍‍්‍රයක් තුළ නාට්ටාමිවරුන් පිලිබඳව තැනූ එකම සහ ප‍‍්‍රථම ස්වතන්ත‍‍්‍ර කලා නිර්මානය සේම ප‍‍්‍රථම ස්වතන්ත‍‍්‍ර සිනමා කෘතිය වීම, නාට්ටාමි ආමි සිනමා වියමනේ ඇති සුවිශේෂත්වයක්.

නාට්ටාමි ආමි සිනමා කෘතිය සංකල්පීය වශයෙන් තැනෙන්නේ, සිනමා ප‍‍්‍රදර්ශනය තුළින් ලාභ ඉපයීමේ මුඛ්‍ය පරමාර්ථයකින් තොරවයි.

2021 වසරේ කොවිඞ් ව්‍යසනයෙන් රටම ඇලළී ගිය සමයේ සමස්ථ රටම සහ සිනමා ක්‍ෂේත‍‍්‍රයම මුළුමනින්ම කඩා වැටුණු යුගයක මෙවැනි විෂයක් අළලා සිනමා කෘතියක් තැනීමේ මූලික සමාජානුබද්ධ අරමුණ සහ සංකල්පය වන්නේ, නව්‍ය වූ නිර්මාණාත්මක ව්‍යායාමයක් තුලින් සිනමා ශාලාවෙන් පිටත ඈත ගම්දනව් වලට නොමිලේ සිනමාව ගෙනයාම සහ සමාජය තුළ නාට්ටාමිවරුන් පිලිබඳව ඇති ආකල්පය වර්ධනය කරනු වස්, සිනමාවෙන් යම් උත්තේජනයක් ලබාදීමයි.

එම සංකල්පයට අනුව නුදුරු කාලයේ දී, ‘‘පරණ තාලෙට බයිස්කෝප්’’ යන තේමා පාඨය යටතේ නාට්ටාමි ආමි සිනමා කෘතිය ගම් දනව් වෙත ගෙනයාමේ කි‍‍්‍රයා පිළිවෙත දැනටමත් සංවිධානය කරමින් සිටිනවා.

ලාංකේය සිනමා ඉතිහාසයේ සිනමා කෘතියක් ඇසුරෙන් ප‍‍්‍රථම වරට සමාජ සද්කාර්යයන් මාලාවක් ක්‍රියාත්මක වීම නාට්ටාමි ආමි කෘතියේ ඇති තවත් සුවිශේෂත්වයක්.

එහි ප‍‍්‍රථම පියවර ලෙස නාට්ටාමි ආමි රූපගත කෙරුණු කොළඹ කොටුවෙන්ම එකී සමාජ සද්කාර්යය ‘‘සිනමාවෙන් නෙත් පෑදීම ’’ මැයෙන් දියත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

නාට්ටාමිවරුන් පාදක කොටගෙන තැනුණු මෙම නාට්ටාමි ආමි සිනමා කෘතිය , පොදු සමාජය දකින්නට පෙර , නාට්ටාමිවරුනුගේ සේවය ඇගයීම වස් එම කෘතිය නාට්ටාමිවරුන් ම ප‍‍්‍රථමව නැරඹිය යුතු යැයි ඔවුන් විශ්වාස කරනවා.

එනිසාම නාට්ටාමිවරුන් වෙනුවෙන්ම නොමිලේ ප‍‍්‍රදර්ශනය කෙරෙන විශේෂ දර්ශනයක් අප මේ වනවිට සංවිධානය කරමින් තිබෙනවා.

එම විශේෂ සිනමා දර්ශනය 2023 අගෝස්තු මස 6 වැනි ඉරිදා දින පැවැත්වීමට මේ වන විට සියලූ‍ කටයුතු සංවිධානය වෙමින් පවතියිි.

කොළඹ පිටකොටුවේ ගුණසිංහපුර නගර සභා ක්‍රිඩා පිටියේ ඉදි කෙරෙන විශාල පුළුල් තිරයක එදින සවස 7.00 ට නාට්ටාමි ආමි සිනමා කෘතිය නාට්ටාමිවරුන් සහ එම පවුල් වල සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ ප‍‍්‍රදර්ශනය කිරීමට නියමිතයි.

මෙම සිනමා සමාජ සද්කාර්යය වැඩසටහන තව දුරටත් අර්ථවත් සහ හරවත් කිරීම උදෙසා ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය , ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සමග අත්වැල් බැඳ , සිනමාවෙන් නෙත් පෑදීමේ සමාජ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් දන්වා සිටිනවා.

ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය, ශ්‍රී ලාංකේය සිනමා කෘතියක් සමග එක්ව අත්වැල් බැඳ, සමාජ සද්කාර්යයකට දායක වන මෙම ප‍‍්‍රථම අවස්ථාව, අක්‍ෂිදාන සංගම් ඉතිහාසයේත්, ලාංකේය සිනමා ඉතිහාසයේත් සුවිශේෂී ඓතිහාසික වැදගත්කමක් ඇති සන්ධිස්ථානයක් වනු නොඅනුමානයි.

මෙම සමාජ සද්කාර්යයට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බස්නාහිර පලාතේ පරිසර සංරක්‍ෂණ කොට්ඨාශය ද අප හා එක්වන අතර එම සථානයේ දී දවස පුරා පොලිස් දෙපාර්ථමේන්තුව මගින් නාට්ටාමිවරුන් වෙනුවෙන් සිදු කරණ විශේෂ සමාජ දැනුවත් කිරීමේ වැඩපිලිවලක් ද සූදානම් වෙමින් පවතියි.

එනිසාම මෙම සමාජ මෙහෙවර පිලිබඳව පොදු සමාජය දැනුවත් කිරීම සඳහා සියලූ‍ පොදු ජන මාධ්‍යයන්ගේත් , සමාජ මාධ්‍යන්ගේත් ආශිර්වාදය සහ පු`ථල් ආවරණ සවියද මෙම වැඩසටහනට හිමිවනු ඇත.

සිනමාවෙන් නෙත් පෑදීම සමාජ මෙහෙවර අගෝස්තු මස 6 වැනි ඉරු දින පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා කි‍‍්‍රයාත්මක කිරීමට සියලූ‍ කටයුතු සංවිධානය වෙමින් පවතින අතර , එමගින් නාට්ටාමිවරුන් සහ එම පවුල් වල සිටින වයස අවුරුදු 40 ට වැඩි අය අතුරෙන් කියවීමේ දෘෂ්‍ය අපහසුතා ඇති තෝරාගත් 350 දෙනෙකුට , ඇස් පරීක්‍ෂා කර කියවීම සඳහා උපකාර වන විශේෂිත කියවීමේ ඇස් කන්නාඩි අක්‍ෂිදාන සංගමයේ අනුග‍‍්‍රාහකත්වයෙන් නොමිලේ බෙදා දීමට ඔවුන් අපේක්‍ෂා කරනවා.

කිසිදු හිතවත්කම් හෝ විශේෂිත කිරීම් මත මෙම ඇස් කන්නාඩි ලාභීන් තොරා නොගැනෙන ඇතර , අප සංවිධාන කන්ඩායමේ පූර්ව සංවිධානයට අනුව වාර අංක ක්‍‍්‍රමයක් මත , නාට්ටාමි වරුන්ගේ ඍජු සහභාගීත්වයෙන් එදින්ට ඇස් කණ්නාඩි ලාභීන් ඇස් පරීක්‍ෂාව සඳහා යොමු කෙරෙනු ඇත.

මෙම අවස්ථාවට කිසිදු දේශපාලන සංවිධානයක , පක්‍ෂයක හෝ දේශපාලනික තැනැත්තෙකුගේ සහභාගීත්වයක් හෝ අනුග‍‍්‍රහකත්වයක් කිසිදු ආකාරයකින් නොමැති අතර නාට්ටාමි ආමි සිනමා කෘතියේ රංගන ශිල්පීන්ගේ සහ කලා ක්‍ෂේත‍‍්‍රයට අදාල කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන කි‍‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇත.