hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05



නෙතූ ප්‍රියංගිකා කියන්නෙ කාලයක් පුංචි තිරයේ ජනප්‍රියම තාරකාවන්ගෙන් කෙනෙක්.

දැන් දැන් ඇයව නිතර පේන්න නැති වුණත්, නම කියූ සැනින් ඇයව මතකයට නැඟෙන රසික පිරිසක් ඇයට ඉන්නවා.

නෙතූ විවාහයත් එක්ක නිර්මාණ කාර්යයෙන් දකින්න ලැබුණෙ නැති තරම්.

ඒ කොහොම වුණත් සමාජ මාධ්‍යයෙන් නම් නෙතූව නිතර අපේ ඇස ගැටෙනවා. ඒ තනියම නම් නෙවෙයි, ඇගේ හුරතල් දෝණිත් එක්ක.

නෙතූගේ අතගත්ත ඔහු වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක්.

ඔන්න ඔහුට උසස් වීමක් ලැබිලා, පොලිස් පරීක්ෂක ධුරයට.

ඒ ගැන නෙතූ ආදරණීය සටහනකුත් තියලා තිබුණා.

”අද දින පොලිස් පරීක්ෂක ධුරයට උසස්වීම් ලබපු මගේ ආදරණීය මහත්තයාට මගෙත් දුවගෙනුත් සුභපැතුම්..

අපිවත් ආදරයෙන් බලාගෙන ආදරණීය ස්වාමියෙක්, ආදරණීය තාත්තා කෙනෙක් වගේම ඔයා තුළ තියන දරාගැනීම.. නොපසුබට උත්සහය.. රාජකාරියට තියන කැපවීමත් මම අගයමි..

තවත් ඉදිරියට යන්න බිරිඳ වශයෙන් මම උපරිම සහයෝගය ලබාදෙනවා.

සතුටුයි ගොඩක් මටයි දුවටයි

Congratulations my lovely husband”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: