hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජූනි 29, පෙ.ව. 12:02



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යනවා.

සිය දියණිය වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කෙරූ ආදරණීය මවක් වූ නිල්මිණි සමාජ සේවයේ ද නියැලෙන අයෙක් බැව් බොහෝ දෙනෙක් නොදැනුවත්.

ඒත් එක්කම ආදරය කරන බොහෝ පිරිසක් ඇගේ පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා.

එදා නිතර නිතර නිර්මාණවලින් අපේ ඇස් මානයට ආව ගිය ඇය, දැන් නිතර මුණගැහෙන්නේ සමාජ මාධ්‍ය තුළින්.

ඇය හරි අපූරූ සටහනක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.

” සුභ දවසක් මගේ ආදරණීයන් හැමෝටම ලැබෙන හැම තත්පරයම සතුටින් ඉන්න බලමු හැබැයි ඒ සතුට ලබා ගන්න ඕනා බොරුවෙන් ජීවත් වෙලා නෙමේ. බොරුවෙන් ජීවත් වෙනවා කියන්නේ ජීවිත තාවකාලිකයි,අපිට ඕන ඕන විදියට ජීවිත ඉබාගාතේ දුවන්න බෑ. හැමදේකම පිළිවෙලක් තියෙන්න ඕන. අවංක වෙන්න ඕන. එතකොට තමයි හදවතේ ලස්සන මුහුණෙන් පෙන්නන්නෙ අපි හැමදාම ජීවත් වෙන්න ඇවිල්ල නෑ. හැබැයි එහෙමයි කියලා සතුට කියන එක නැති කරගන්න එපා “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: