2026 ජනවාරි 06, පෙ.ව. 12:12
පුංචි තිරයේ නිතර දකින චරිත අතර ජනප්‍රිය රංගන ශිල්පිනි නිමන්ති පෝරගේ ඉදිරියෙන්ම ඉන්න චරිතයක්.
ප්‍රේක්ෂක ආදරය සහ ආකර්ෂණය නොඅඩුව ලබන ඇය, මේ වෙද්දි රංගන ශිල්පිනියක් පමණක් ම නොව නිෂ්පාදිකාවන් ද වනවා.
කාලයක් තිස්සෙ ක්ෂේත්‍රයේ රැඳෙන නිසාම, එදා සහ අද කලා ක්ෂේත්‍රයේ වෙනස්කම් ගැන ඇයට මනා අවබෝධයක් පවතින බව අමුතුවෙන් කිවයුතු නෑ.
එයාකාරයෙන් තමන් දකින වෙනස්කම් ගැන, සිය අතීත සිදුවීම් ද සිහිපත් කරමින් නිමන්ති පෝරගේ මෙලෙස සටහනක් තබා තිබුණා….
”මේ මම කලා ක්ශේස්ත්‍රයට ආව මුල් කාළෙ.
ඒ කාළෙ ‘ මෙගා ටෙලි නාට්‍ය ‘ තිබුණේ නෑ. උපරිම කොටස් 30 යි. රූගත කිරීම් ආරම්භ කරන්න කළින් අපේ ගෙවීම් කතා කරගෙන , අපි කියන වටිනාකම ට නිශ්පාදක සහ අද්‍යක්ශක එකග නම් , සම්පූර්ණ මුදලින් 25% ක් ගෙවනවා. තව 25% ක් රූගත කිරීම් අවසන් වෙලා මාසයක් වගේ කාළයක් තුල ගෙවනවා. ඉතිරි 50% කවදා හෝ එම ටෙලිනාට්‍ය විකාශනය වූ පසුවයි ගෙවන්නෙ.( විකාශනය නොවූ නිසා නොළැබුණ 50% ඒවා ගොඩක් තියෙනවා)
ගොඩක් වෙලාවට රූගත කිරීම් තියෙන්නෙ කොළඹින් පිට. 95% ක් ම අපිට නවාතැන් ලැබෙන්නෙ ගෙවල් වල. Hotels ලැබෙන්නෙම නැති තරම්. Attached bathroom තියෙන rooms නෑ. Day off එක දවසක් තිබිලා අනික් දවසෙ shooting නම් කොළඹ යන්න අපිට production එකෙන් වාහන දෙන්නෙ නෑ. අපි එහෙම ඉල්ලල වද කරන්නෙත් නෑ. යන්න අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් AC bus එකට production van එකෙන් ගෙනත් දානවා. යන්නෙ නැති අය lodge එකේ කැරම් ගහලා කාඩ්ස් ගහලා උයන අන්කල්ට උදව් වෙලා උයාගෙනත් කනවා.
අව්ව , වැස්ස සහ නොයෙකුත් හේතු නිසා අපිට මුලින් කියන දින අනිවාර්යයෙන් වෙනස් වෙනවාමයි. එහෙම දින ගණන වැඩි උනා කියලා කවදාවත් අපිට production එකෙන් වැඩියෙන් ගෙවන්නෙත් නෑ අපි ඉල්ලලත් නෑ.
මම මුලින්ම රගපෑවෙ විජය ධර්මශ්‍රී මහත්මයාගෙ ‘ කස්තිරම ‘ ටෙලිනාට්‍යයේ. ඒක තමයි ලස්සනම ලස්සන මීමුරේ ගම්මානයේ කරපු පළවෙනි ටෙලිනාට්‍යය.
ප්‍රවීණ දක්ශ ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිණියන් එක්ක බලද්දී මම එතන පුංචිම පුංචි තිතක්. ඒත් ඒ රූගත කිරීම් කාලයේ අපේ ඇති උන බැඳීම නිසා රූගත කිරීම් අවසන් වෙලා එද්දී අපි හැමෝම ඇඩුවා. මම කියන්න උත්සාහ කලේ අඩු පහසුකම් අඩු ගෙවීම් මොනවා තිබුණත් අපි ඒ නිර්මාණය ට ආදරය කළා. අපේ නිර්මාණ කණ්ඩායමට ආදරය කළා. අපිට ආදරය කරන අපිව විශ්වාස කරන ප්‍රේක්ශකයින්ට ආදරය කළා.
තවමත් මම මේ ක්ශේස්ත්‍රයේ රැදී ඉන්නවා රංගන ශිල්පිණියක් සහ නිශ්පාදිකාවක් විදියට. එදාට වඩා අද රංගන ශිල්පීන් ට ශිල්පිණියන් ට බොහෝ පහසුකම් තියෙනවා. දින ප්‍රමාණය වැඩි වෙන්න වෙන්න ලැබෙන මුදල වැඩි වෙනවා. 90% ක් මෙගා ටෙලිනාට්‍ය කරන්නෙම කොළඹ. ඒත් මෑතම කාළෙ බිහිවූ *ඇතැම්* රංගන ශිල්පීන් ශිල්පිණියන් ට වගකීම සහ විනය කියන දේ ඇත්තෙම නෑ.
තමන්ට ලැබුණු ජනප්‍රියත්වය දරාගන්න බෑ. මුලින්ම වගකිම් පැහැර හරින්නෙ phone answer නොකර. දුන්න දිනේට ‘ ඔයාව හෙට මේ වෙලාවට ගෙදරින් ගන්නවා” කියන වචන ටික කියන්න සහය අද්‍යක්ශකවරයා ගන්න calls වලට answer කරන්නෙම නෑ. යවන msg seen කරන්නෙත් නෑ. හරි පුදුමයි කියන්නෙ , set එකේදී හැබැයි phone එක අතේමයි. Night life වැඩි නිසා පහුවදාට රූගත කිරීම් වලට එන්න අපහසුතා ඇති වෙනවා ඇති. ඒ විනයක් නැති හැසිරීම් බලපානව ‘ මෙගා ටෙලෙනාට්‍ය’ ජීවන වුර්තීය කරගෙන ඉන්න 30 දෙනෙක්ගෙ පමණ පවුල් වලට. ඉස්සෙල්ලා ම කරන්නෙ උඩට නගින්න උදව් දීපු ඉනිමගට පයින් ගහන එක. ඒගොල්ලන්ගෙ නොදැනුවත්කම නිසා ඒ අයට මතක නෑ ආයෙත් අඩියක් දෙකක් හරි ආපස්සට තියන්න ඕනෙ උනොත් ඉනිමග ඕනෙ වෙනවා කියලා. මොකද අපි ඉහළින් ඉන්දෙද්දි අපි ළඟ ඉන්න කවුරුවත් , අපි වැටුණු වෙලාවට අපි ළඟට එන්නෙ නෑ.
මම එදා රංගන ශිල්පිණියක් ලෙස කළ කැපකිරීම් නිසා මට අදත් ක්ශේස්ත්‍රයේ අයගේ විශ්වාසය සහ ප්‍රේක්ෂකයින් ගෙ ආදරය නොඅඩුවම ලැබෙනවා.
රැකියාව මොකක් උනත් තමන් කරන රැකියාවට කැප වෙන අවංක වෙන තරමට තමයි අපේ සාර්ථකත්වය රැදී තියෙන්නෙ. එහෙම නොවුනොත් අපිටවත් අපිව හොයාගන්න බැරි වෙනවා.
අතීතය මතක් උන නිසා ලිව්වෙ.
-නිමන්ති -”
2026 ජනවාරි 07, පෙ.ව. 12:22
2026 ජනවාරි 07, පෙ.ව. 12:08
2026 ජනවාරි 06, පෙ.ව. 12:09
2026 ජනවාරි 06, පෙ.ව. 12:08
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26