hit counter

2025 පෙබරවාරි මස 27 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 22, පෙ.ව. 7:32



ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියායේ පිහිටි නිවස ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

ඒ පවතින රජයට ඉවත්වන ලෙස බලකරමින්.

ඒ අවස්ථාවේ සිදු වූ සිදුවීමක අපූරු වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

ඒ නිපුණ රණවක මහතාගේ නිවසේ හුරතලයට ඇති කරන අලි පැටවා ප්‍රදේශවාසීන්ගේ හඬට නර්තනයක් දක්වන වීඩියෝවක්.

ඒ කෙසේවෙතත් මෙලෙස අලි පැටවෙක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කර සිටියා.

මේ අතර ජේෂ්ඨ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා මෙලෙස අලියකු රඳවා තබා ගැනීමේ නීතිමය පසුබිම පිළිබඳව සිය මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින්,

මන්ත්‍රී නිවසෙන් හමුවූ අලියා සහ නීතිමය තත්වය​

ඊයේ දිනයේදී මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රනවක මහතාගේ නිවෙසේ සිටි අලියෙකු පෙන්නුම් කෙරෙන වීඩියෝ පටය අලලා මෙසේ අලියෙකු ලඟ තබා ගැනීමට අදල නීතිමය තත්වය පිලිඹඳව කෙරුනු විමසීම් නිසා ඒ පිළිබඳව ඊට අදාල නීතිමය තත්වය පෙන්වා දීම ප්‍රයෝජනවත් වෙතැයි පෙනී යයි.

මෙම අලියා පිළිබඳව පහත සඳහන් ගැටලු මතුවේ.ඒවා නම්:

+ අදාල පුද්ගලයාට අලියෙකු තබා ගැනීම පිනිස වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 22අ වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කල සහ වලංගු බල පත්‍රයක් තිබේද?

+ නැතිමන් මේ සත්වයා වෙනත් කෙනෙකු නමින් ලියාපදිංචි කල සහ වලංගු බල පත්‍රයක් සහිය සතෙක් වේද​?

+ එසේ බලපත්‍රයක් තිබේ නම්,මෙම අලියාගේ සඹ්හවය කුමක්ද​?

+ නොඑසේ නම් මේ අලියාට ලියාපදිංචියක් නොමැතිද​?

+ලියාපදිංචියක් නොමැති අලියෙකු නම් ඉදිරියේදී නීතිමය කටයුතු සිදුවේද යන්න​?

අලියෙකු තබා ගැනීම පිනිස වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 22අ වගන්තිය ප්‍රකාරව අදාල තැනැත්තාගේ නමින් කල ලියාපදිංචියක් සහ ඒ යටතේ නිකුත්කල බල පත්‍රයක් අත්‍යාවශ්‍ය වේ.

මෙසේ ලියාපදිංචි නොකර අලියෙකු තමන් ලඟ තබා ගැනීම නීති විරෝධී වේ.

මෙම පනතේ 23 වන වගන්තිය අනුව අලියෙකු කෙනෙකුගේ නීත්‍යානුකූල භාරකාරිත්වය යටතේ සිටීද යන්න නිර්නය කිරීමට අවශ්‍ය තත්වයන් පෙන්වාදී තිබේ.එසේ නොවන ඕනෑම අලියෙකු තමන් සන්තකයේ හෝ භාරයේ තබා ගැනීම වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 12 වන වගන්තිය යටතේ වරදකි.

එසේම කෙනෙකුට නීත්‍යානුකූල සන්තකය තිබුනද අලියෙකු ලියාපදිංචි නොකර තම සන්තකයේ හෝ හාරයේ තබා ගන්නා කෙනෙකු මෙම පනතේ 22අ වන වගන්තිය යටතේ වරදක් කරයි.

එමෙන්ම වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනත අනුව කරනු ලබන සියලු වරදවල් සංඥේය වරදවල් වන බව 67ආ වගන්තියෙන් දක්වා තිබේ.

තවද අලින්ට අදාල සියලුම වරදවල් ඇපදිය නොහැකි වරදවල් බව පනතේ 20(2) වගන්තියේ දක්වා තිබේ.

** මේ නිසා ඉහතකී අලියා නීත්‍යානුකූල ලියාපදිංචියක් සහ බලපත්‍රයක් සහිතව ත්බගෙන සිටියේද යන්න විමර්ශනය කර වරදක් කර තිබේනම් නිසි ක්‍රියාමාර්ග ගත යුතුව ඇත​.

තවද වන සත්ව සහ වෘක්ශලතා ආරක්ශක ආඥා පනතේ 66 වන වගන්තිය අනුව වනජීවී සංරක්ශන දෙපාර්තමේන්තු නිලධාරීන්ට අමතරව පොලිස් නිලධාරීඳ නියමිත නිලධාරීන් බවට පත්කර තිබේ.

** මේ නිසා ඊයේ නිකුත්වූ වීඩියෝවේ පොලිස් නිලධාරීන් සිටිනු දුටු නිසා ඔවුන් මේ ගැන දුටු කරුනු මත විමර්ශනයක් පවත්වා සුදුසු කටයුතු කිරීමට බලය පනතේ 66 වන වගන්තිය යටතේ පොලීසියත් සතුවේ.

මේ නිසා ඉහතකී සිද්ධිය පිලිඹඳව පොලීසිය විසින්ද නිසි විමර්ශනයක් සිදුකර අවශ්‍ය ඉදිරි පියවර ගන්නේද යන්නත් විමසිල්ලට ලක්කල යුත්තකි.

සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,