hit counter

2025 නොවැම්‍බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්‍බර් 14, පෙ.ව. 11:39



ඇය ගායන ලෝකයේ දිදුලන තාරකාවක්. ඒ නිසාම මේ ඇසෙන කතාව ගොඩක් ඉක්මනින් සමාජගත වෙලා.

අදටත් එදා වගේම රසිකයින්ගේ ආදරය දිනාගත්ත, ඔවුන්ගේ වින්දනය වෙනුවෙන් ගී ගයන ගායන ලෝකයේ විරාජිනිය, නිරෝෂා විරාජිනී ගැන මේ ඇසෙන්නේ මොන වගේ කතාවක්ද..?

එක්තරා යූ ටියුබ් නාලිකාවක් විසින් ඇය ගැන අසත්‍ය ප්‍රචාරය කරන බවටයි නිරෝෂා චෝදනා කරන්නේ.

මේ වීඩියෝවේ කියවෙන කිසිවක් සත්‍ය නොවන අතර එය තමන්ට විශාල අයහපතක් බවයි ඇය පවසන්නේ.
කොහොම වුණත් තමන්ට දිගු කාලයක් තිස්සේ අසනීප තත්වයක් පවතින බවත්, ඒ නිසා ඇයට රසිකයින් වෙනුවෙන් ගයන්න බැරි බවත්, මේ වීඩියෝවේ කියවෙනවා.

ඒ නිසා ඇය හිරු ස්ටාර් විනිසුරු මඩුල්ලෙන් පවා ඉවත් වුණු අතර, කලා ලොකයෙන් ඇය සමුගෙන ධර්මයට නැඹුරු වූ බවයි එහි දැක්වෙන්නේ.

එසේම ඇය සසුන්ගතවීමේ සූදානමකින් සිටින බවද මෙහිදී පැවසෙනවා. කෙසේ වෙතත් , නිරෝෂා මේ සියලු කාරණා තරයේ ප්‍රතිශේප කරන අතර ඇය පවසන්නේ, මෙය AI තාක්ෂණය ඇසුරෙන් නිර්මානය වුණු වීඩියෝවක් වන බවයි.

ඉතින් එම ව්‍යාජ තොරතුරු ඇතුළත් වීඩියෝව මේ වන විටත් සමාජමාධ්‍යයේ පවතින බවත්, ඒ ගැන තම රසිකයින්ට නිවැරදි තොරතුරු ලබාදෙන අරමුණෙන් නිරෝෂා මෙන්න මේ වගේ වීඩියෝවක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

කොහොම වුණත් මේ ප්‍රවීණ ගායන ශිල්පිනිය පවසන්නේ මෙවැනි අසත්‍ය තොරතුරු තමන්ගේ රසිකයින් අතරට පත්වීම ඇත්තෙන්ම ඇගේ කලාදිවියට පවා අයහපතක් ගෙන දෙන කාරණයක් වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: