2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:03
ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු යුවළක් තමයි, තිසර පෙරේරා – නිෂී හතරසිංහ දෙන්නා.
දෙන්නගෙ ආදර කතාව ගැන දැනගන්න ඔවුනට ආදරේ කරන කවුරුත් හරි උනන්දුවෙන් බලාගෙන උන්නා.
ඔන්න එහෙම බලාගෙන උන්නු හැමෝම වෙනුවෙන්, නිෂී එයාගෙ ආදර කතාව කියලා තිබුණා.
ඒ, ”Rishhy Hatharasingha” යූටියුබ් චැනලය ඔස්සේ.
නිෂී හරිම කෙටියෙන් මේ කතාව කියලා තිබුණේ, සම්පූර්ණ ආදර කතාවම තිසර එක්කම ඇවිත් ඉක්මනින් කියන පොරොන්දුවත් එක්ක…
”තිසර අයියා මාව දැකලා මට කැමති වෙලා ඊට පස්සෙ මාත් එක්ක එයාගෙ ජීවිතේ ගැන කිව්වා.
ඊට පස්සෙ එයා මගෙන් ඇහුවා මගේ විස්තර කොහොමද කියලා.
ඉතින් එතකොට අපි දෙන්නම දෙපැත්තක හිටපු නිසා අපි දෙන්නම දේවල් කතා කරලා,, එයාගෙ කැමති දේවල් අකමැති දේවල් කතා කරලා අපි දෙන්නා ගැළපෙනවද කියලා බලලා තමයි අපි දෙන්නා එකතු වුණේ.
තිසර අයියට එයාගෙ කලින් ජීවිතේ තිබුණු ප්‍රශ්න එයා මට කිව්වා. මම මගේ ජීවිතේ ප්‍රශ්න ටික කිව්වා.
ඉතින් ඒ දේවල් ඔක්කොම බලලා අපි දෙන්නා හරි විදියට අපි දෙන්නගෙ ආදරේ අපි පටන් ගත්තා…”
ඒත් එක්කම තිසාරා බබාව පෙන්වන්නෙ කවද්ද කියලා රසික සමූහයා නිතර අහන ප්‍රශ්නෙටත්, නිෂී මෙයාකාරයෙන් උත්තර දීලා තිබුණා…
”තිසාරව පෙන්වන්නෙ තිසාරගෙ තාත්තගෙ පර්මිෂන් එක ලැබුණු දවසට. එයා තමයි කැමති නැත්තෙ දැන්ම එයාව පෙන්වනවට. එයා තාම චූටි නිසා සහ මිනිස්සු හරි අමුතු චරිත ඉන්නවා මේ සමාජයේ. ඉතින් පොඩි ළමයෙක්ට ගොඩාක් විදියට නරක කතා කියන මිනිස්සු හිටියා. මැසේජ් එව්වා. ගොඩක් නෙවෙයි, කිහිපදෙනෙක්.
අපිත් එක්ක තියෙන තරහා අපිත් එක්ක පිට කරන්න. මොකද කිසිම දෙයක් දන්නෙ නැති චූටි බබෙක්ට එක එක ඒවා කියන්න එපා…..”
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 26, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 25, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 24, පෙ.ව. 12:05