hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 11, පෙ.ව. 12:07



නුවන් තුෂාර මේ දිනවල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක් වී සිටිනවා.

ඒ ඉන්දීය ප්‍රිමිය ලීගය ක්‍රීඩා කිරිම වෙනුවෙන්.

පසුගිය බංගලාදේශ සංචාරයේදී කඩුළු ත්‍රිත්වයක් ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් දක්වන්නට නුවන්ට හැකි වුණා.

ඒ ඉන්දීය ප්‍රිමිය ලීගය ක්‍රීඩා කිරිම වෙනුවෙන්.පසුගිය බංගලාදේශ සංචාරයේදී කඩුළු ත්‍රිත්වයක් ලබා ගනිමින් විශිෂ්ඨ දස්කම් දක්වන්නට නුවන්ට හැකි වුණා.

විශාල දුක් කම්කටොලු මැද්දේ කැපකිරීමකින් ඉදිරියටම ඇවිත් ලොවකම නම තබපු නුවන් ගැන දැන් ක්‍රීඩාලෝලීන් විශාල කතා බහක් ඇති කරලා තිබෙනවා.

එහෙව් රටක් දින්න තරුවක් වුණ නුවන්ගේ අම්මා නුවන් ගැන පුවත් පත් සාකච්ඡාවකදි දක්වා තිබුණේ මෙන්න මේ වගේ අදහසක්.

“අපිට ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි කවදාවත් පුතාගේ ආසාව නතර කරන්න ගියේ නැහැ. රස්සාවක් හොයාගන්න කිව්වේ නැහැ. මොකද ඒ මාර්ගය හොයා ගත්තේ එයා. අපි කවුරුත් උදව් කරලා නෙමෙයි. ඉතින් එයා අවුරුදු හය හතේ ඉඳලා කරන්නේ රබර් බෝලයක් හොයාගෙන සෙල්ලම් කරපු එක තමයි. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් සාමාන්‍ය පෙළ කළාට පස්සේ මට කිව්වා අම්මේ මම ක්‍රිකට් ගහන්න ප්‍රැක්ටිස් යනවා, ප්‍රියන්ත සර් එක්ක කියලා. ආයේ ඉස්කෝලේ යන්න බැහැ කියලා. ප්‍රියන්ත සර් තමයි එයාව අම්බලන්ගොඩ කරන්දෙණිය සෙන්ට්‍රල් කොලෙජ් එකේ ක්‍රිකට් ප්‍රැක්ටිස් එක්කගෙන ගියේ.එතැනින් තමයි එයාගේ ක්‍රිකට් ජීවිතේ හරියට පටන් ගන්නේ..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: