hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 19, පෙ.ව. 6:26



දරු මුණුපුර, මිනිපිරියන් හා තුන් මුණුපුර, මිනිපිරියන් හැත්තෑවක් පමණ සිටින වයස අවුරුදු 108ක් වන දරුවන් 11 දෙනෙකුගේ පියෙකු වදුරඹ,ලේල්වල, “අභය ” නිවසේ පදිංචිව සිටිනවා.

ඔහු ඇල්බට් අබේගුණවර්ධන මහතායි.

ඔහු 1915 අගෝස්තු 17 දින වදුරඹදි උපත ලබා ලැබුවෙක්.

ජිවන ගමනේ 107 කඩඉම පසුකල ඒ මහතා ඊයේ (17)108 වන වියට පා තැබුවා.

ජීවනෝපාය ලෙස වඩු කර්මාන්තය හා ගොවිතැන් කටයුතු වල නියැලී ඒ මහතා ඇල්බට් වඩු  මහත්තයා නමින් ගම්වාසින් අතර ප්‍රකට චරිතයක්.

ඇල්බට් මහතා 1942 වසරේ ලීලාවතී විජේගුණවර්ධන මහත්මිය සමග යුගදිවියට පිවිසි අතර මෙම යුවළට දු දරුවන් 11 දෙනෙක් සිටිනවා.

මෙම යුවළගේ වැඩිමහල් පුතුටද මේ වන විට 79 හැවිරිදිවියේ පසුවෙනවා.

මෙම යුවළගේ දුවා දරුවන් සියලු දෙනා නොයෙකුත් වැදගත් රැකියා හා ව්‍යාපාර කටයුතු වල නිරතවෙමින් රටට වැඩදායි ලෙස ජිවත් වෙයි.

ඇල්බට් යුවලට මුණුපුර, මිනිපිරියන් හා තුන් මුණුපුර මිනිපිරියන් හැත්තාවක් පමණ සිටිනවා.

ඔවුන්ද සමාජයේ පිළිගත් වෘත්තීන් වල නියැලෙමින් ජීවිකාව කරගෙන යනවා.

ඇල්බට් මහතා හා ලීලාවතී යුවල වදුරඹ ලේල්වල පිහිටි පවුලේ මහ ගෙදර තම කනිෂ්ඨ පුතුගේ පවුලේ සාමාජිකයින් සමග ජීවත් වෙනවා.

ඔවුන් වයෝවෘද්ධ තම දෙමව්පියන්ට හොදින් සලකමින් ජීවත් වෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද