2025 පෙබරවාරි 27, පෙ.ව. 12:04
කපන්න කපන්න දලු ලා වැඩෙන වෘක්ෂයක් සේ පාතාලයේ ප්‍රබලයන් කෙතරම් ඝාතනයට ලක් වුවත්, ඔවුන්ගේ ගෝලයින් කෙතරම් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන සිරගත කළත් ඔවුන්ගේ අක්මුල් විහිදුණ තැන්වලින් තව තවත් පැළ වැඩි උස් මහත්වන අයුරු දක්නට ලැබෙනවා.
ඊයේ දහවල් ඊට ආසන්නතම අලුත්ම සිද්දිය වාර්තා වුනේ මිනුවන්ගොඩින්.
මිනුවන්ගොඩ පත්දඬුවන ප්‍රදේශයේ ඊයේ උදෑසන 11ට පමණ සිදු වුණු වෙඩි තැබීමකින් වයස අවුරුදු 36ක පුද්ගලයෙක්වන ත්‍රීරෝද රථ රියදුරෙක් තුවාල ලැබුවා.
තුවාල ලැබූ පුද්ගලයා මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන්නේ.
තුවාල ලැබූ පුද්ගලයා කෙහෙල්බද්දර පද්මේගේ පාසල් මිතුරෙකු බවට සැක කෙරෙන බවටයි වාර්තා වෙන්නේ.
තවද, වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියක් බවටද අනාවරණය වී තිබෙනවා.
2025 පෙබරවාරි 27, පෙ.ව. 12:07
2025 පෙබරවාරි 26, පෙ.ව. 12:08
2025 පෙබරවාරි 25, පෙ.ව. 12:21
2025 පෙබරවාරි 24, පෙ.ව. 12:10
2025 පෙබරවාරි 23, පෙ.ව. 12:33
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
26-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25
25-02-25