hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2024 ජූලි 05, පෙ.ව. 12:02



ජාත්‍යන්තර සිනමා උළෙලවල් 20කට අධික ප්‍රමාණයකට සහභාගී වී ඇති “පැරඩයිස්” ප්‍රංශයේ 30 වන වරට පැවති වේෂූල් අන්තර්ජාතික සිනමා උලෙළේදී යොවුන් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, බූසාන් චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන කිම් ජෝෂක් සම්මානයත්, ස්පාඤ්ඤයේ ලස්පල්මාස් ග්‍රෑන්ඩ් කැනරියා අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රේක්ෂක ජූරි සම්මානයත් “පැරඩයිස්” චිත්‍රපටය හිමිකර ගත්තේය.

“සිසිල ගිනිගනී (1992), පවුරු වළලු, (1999), අනන්ත රාත්‍රිය (2001), පුරහඳ කළුවර (2001), ඉර මැදියම (2005), ” මචං (2008), ආකාශ කුසුම් (2009), ඔබ නැතිව ඔබ එක්ක (2015), උසාවිය නිහඬයි (2016), ගාඩි (2023)“ යන සිනමා කෘතීන් ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කළ සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේ මහතා අධ්‍යක්ෂණය කරනු ලැබූ පැරඩයිස් සිනමා නිර්මාණය මේ මස 28 වනදා සිට ලොව පුරා තිරගතවීම ආරම්භ වුණා.

“පැරඩයිස්” ප්‍රවීණ සහ සම්මානනීය සිනමා නිර්මාණවේදී ප්‍රසන්න විතානගේ තිරයට ගෙන එන එකොළොස් වන නිර්මාණයයි.

එමෙන්ම සම්මානිත සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරනු ලැබූ පළමුවෙනි ඉන්දීය චිත්‍රපටයයි. මලයාලම් හින්දි සහ ඉංග්‍රීසි කියන භාෂා ත්‍රිත්වයෙන්ම මෙහි දෙබස් අන්තර්ගතව තිබෙනවා. මෙහි ප්‍රධාන චරිත දෙක රඟපෑ නළු නිළියන් එන්නේ කේරළයෙන්. ඒ තොට්ටප්පන්, කැප්පෙලා, මෝතන්, සී යූ සූන් වැනි මලයාලම් සිනමාපට සහ ඩාර්ලින් හින්දි සිනමාපටය හරහා ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනා සිටින ජනප්‍රිය මලයාලම් රංගන ශිල්පී රොෂාන් මැතිව් හා සී යූ සූන්, හෘදයම් සහ ජයා ජය ජය හේ. වැනි මලයාලම් සිනමාපට තුළින් අතිශය ජනාදරයට පත්ව සිටින දර්ශනා රාජේන්ද්‍රන්.

කතාව ආරම්භ වන්නේ, කේරළයෙන් පැවත එන මුම්බායි හි ජීවත් වන යුවළක් කේසව් සහ ආරීතා තම පස් වන විවාහ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟයි. ලංකා සංචාරය අතරතුර රාම රාවණා පුරාවෘත්තයට අයත් ස්ථාන නැරඹීම ඔවුන්ගේ අරමුණයි. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක පැටලී ඉන්ධන සහ ගෑස් පෝලිම්වල මිනිසුන් පෙළ ගැසී සිටින සමයේ යි.

එහෙත් සංචාරකයන්ට සලසා තිබූ පහසුකම් නිසා අපහසුතාවකින් තොරව ඔවුන් ඔවුන්ගේ සංචාරය අරඹයි. සංචාරයේ පළමු රාත්‍රියේදීම ඔවුන් මුහුණ දෙන අත්දැකීම සහ ඉන් පසු ඇතිවන සිද්ධි දාමය සමඟ පැරඩයිස් සිනමා කෘතිය ඉදිරියට ගලාගෙන යයි. පැරඩයිස් ලංකාවේ ආර්ථික අර්බුද, විවාහය, දෙදෙනෙකු අතර ඇති සබඳතාවය, අනෙකාව තේරුම් ගැනීම යන කාරණා කෙරෙහි ප්‍රේක්ෂක රස මනස අවදි කරන්නකි.

මේ වෙනවිට ජාත්‍යන්තර සිනමා උළෙලවල් 20කට අධික ප්‍රමාණයකට සහභාගී වී ඇති “පැරඩයිස්” චිත්‍රපටය, ආසියානු සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිර රචනය සහ හොඳම සංස්කරණය සඳහා ද නිර්දේශ විය. එසේම ප්‍රංශයේ 30 වන වරට පැවති වේෂූල් අන්තර්ජාතික සිනමා උලෙළේදී යොවුන් ජූරියේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, බූසාන් චිත්‍රපට උලෙළේ හොඳම චිත්‍රපටයට පිරිනැමෙන කිම් ජෝෂක් සම්මානයත්, ස්පාඤ්ඤයේ ලස්පල්මාස් ග්‍රෑන්ඩ් කැනරියා අන්තර්ජාතික සිනමා උලෙළේ ප්‍රේක්ෂක ජූරි සම්මානයත් “පැරඩයිස්” චිත්‍රපටය හිමිකර ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවරදී පවත්වන ලද 24 වන නිව්යෝර්ක් ඉන්දීය සිනමා උලෙළේ හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම අධ්‍යක්ෂණය සඳහා ද “පැරඩයිස්” පසුගිය දා නිර්දේශ විය.

පැරඩයිස් ප්‍රධාන චරිත සඳහා මලයාලම් සිනමාවේ ජනප්‍රිය සිනමාතරු යුවළක් වූ රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් සහ ලංකාවේ මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක, සුමිත් ඉලංගෝ, රොහාන් රණතුංග, හිෂාම් සම්සුදීන් සහ සමන්ත මංජුල රංගනයෙන් දායක වූ අතර සම්මානනීය ඉන්දීය සිනමා ශිල්පීන් වූ රජීව් රවී, කැමරා අධ්‍යක්ෂණයෙන් ද ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද කේ සංගීත අධ්‍යක්ෂණයෙන් ද චිත්‍රපටයට දායක වූ අතර දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් ද ට්‍රිලන් ශාස්ත්‍රී රේඛීය නිෂ්පාදනයෙන් ද ශිල්පී අග්‍රවාල් සහ බුද්ධි සංජය ඇඳුම් නිර්මාණයෙන්ද, දමයන්ති ෆොන්සේකා නළුවරණයෙන් ද, ධම්මික හේවාදූවත්ත කලා අධ්‍යක්ෂණයෙන් ද ප්‍රියන්ත දිසානායක අංග රචනය සහ කොණ්ඩා සැකසුමෙන් ද පැරඩයිස් සඳහා දායක වී තිබෙනවා.

පැරඩයිස් නිෂ්පාදනය කළේ කේරළයේ ලියාපදිංචි චිත්‍රපට සමාගමක් වන “නිව්ටන්” සිනමා ආයතනයයි. ඔවුන් ආර්ථික ප්‍රතිලාභවලටත් වඩා සිනමාවේ ප්‍රගමනය උදෙසා සමාජීය දායකත්වයක් දෙන ආකාරයේ නිර්මාණවලට නිෂ්පාදනයෙන් දායක වන ආයතනයක්.

ජැක්ලින් ෆර්නෑන්ඩස් කියන්නේ ශ්‍රී ලංකාවෙන් බොලිවුඩයට ගිය සුරූපී තාරකාවක්.

දැන් බොලිවුඩ් සිනමාවට නැතිවම බැරි ඇය ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම ජනප්‍රිය තරුවක් වී හමාරයි.

මේ දිනවල ලංකාවේ තිරගත වෙන ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ පැරඩයිස් සිනමාපටය ගැන ජැක්ලීන් අදහස් දක්වලා තිබෙනවා.

Paradise චිත්‍රපටයේ දැවැන්ත සාර්ථකත්වයට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ ඇතුළු කණ්ඩායමට සුබ පැතුම්! “





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: