hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 මැයි 04, පෙ.ව. 12:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

හංසමාලී පසුගිය දිනවල අසරණ මිනිසුන්ට උදව් ක‍රන ආකාරය දැකලා සමාජ ජාලාවල ඇයට ඉතාමත් ඉහල ප්‍රශංසාවක් හිමි වුනානේ.

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

කොහොම නමුත් මේ දවස්වල නම්, පෙරටත් වඩා පියුමි ගැන කතාබහ කරන්න පටන් අරන් කිව්වොත් හරි.

ඇය ලන්ඩන් නුවර සංචාරයක යෙදෙන අතරතුර ඇයට හරි අපූරූ ආශාවක් ඇති වෙලා.

ඒ ලන්ඩන් නුවර පිහිටා තිබෙන පංසලකට යන්න.

කොහොම හරි එයාගේ මිතුරියක් ඇයට මේ ආශාව ඉෂ්ඨ සිද්ධ කරගන්න අවස්ථාව සලසලා දීලා.

ඉතින් සිතේ සැනසීමෙන් පංසලට ගිහින් ඇය මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.

“දන්නවද ? මෙහෙ පන්සලක යන්න හරිම ආශාවක් තිබුණා.මම මෙහෙ ආව ගමන් චතූ අක්කිගෙන් ඇහුවා.

අක්කි මෙහෙ පංසල් තියනවද කියලා.

අනේ ඒ ආසාව ඒ විදිහටම ඉෂ්ඨ වුණා.

අපේ හාමුදුරුවෝ අපිට හොදට සැලකුවා කන්න බොන්න දුන්නා හොඳටම බොහොම පිං.

මාත් ඉතිං බත් දැක්ක ගමන් කාගෙන කාගෙන ගියා. මම බත් පෙරේති.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: