hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 04, පෙ.ව. 12:02



පියුමි බොතේජෝ කියන මේ කලාකාරිනිය එදා පබා ටෙලි නිර්මාණය හරහා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වෙච්ච කලාකාරිනියක්.ඊට අමතරව පියුමි කියන්නේ දක්ෂ නිවේදිකාවක්.ඉතින් මේ සියලුම දේවල් එක්ක අද වෙන විට කලා ලෝකය තුළ තමන්ටම කියලා අනන්‍යතාවයක් ගොඩනගා ගෙන ඉන්න පියුමි  ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය සහ සිනමාව තුළත් කැපී පෙනෙන අතිශය දක්ෂ කලා තරුවක්.

පසුගිය කාල සීමාව පුරාවටම පියුමි මේ ටිකක් කණගාටුවෙන් තමයි කාලය ගත කළේ. ඒකට හේතුව ඇය පනවගේ ආදරය කරපු ඇයගේ ආදරණීය පියාණන්ගේ වියෝව නිසයි.කොහොම නමුත් ජීවිතය අවසන් කාලය වෙනතෙක්ම  තාත්තගේ කැමති දේවල් ඉෂ්ඨ සිද්ධ කරමින් පියුමි, තාත්තා ගාවම හිටපු ආදරණීය දුවක් කියලත් මතක් කරන්න ඕනේ.

ඒවගේම තමයි මේ වෙද්දී ජීවිතේ තනිකඩව කාලය ගත කරන පියුමි, තමන්ටම කියලා ලස්සන ගෙයක් හදාගත්තා. ඒ ඇගේ උත්සාහයෙන් සහ මහන්සියෙන්.ඒ ආ ගමන ගැන පියුමි කිව්වේ මේ වගේ කතාවක්.

“මම අවුරුදු තුනක් එක දිගට කලුපාට ඇඳුමක් අඳිනවා.ඒ කළු පාට ඇඳුම ඇඳලා මම ගත්ත කළු පාට සපත්තු දෙකක්.එතකොට මම මගේ ලොකු අයියගේ අක්කව ගෙනිහින් දානවා පමුණුවට.ඊට පස්සේ මම එයාට කියනවා බෝ ,මල් වගේ දේවල් දෙක දෙක ගේන්න කියලා.හේතුව කළු පාට ඇදුමට මම ෂෝ එක රතු පාටින් දැම්මොත් සපත්තුවට රතුපාට මල් දෙකක් අලවනවා.එතකොට කාටවත් හොයන්න බෑ ඒ තමයි මම ඉතුරු කරපු විදිහ.මම ඇඳුම්වලට හරි ආස කෙනෙක් මොකද පොඩි කාලේ මට තිබිලා නැහැ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: