hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූලි 02, පෙ.ව. 12:02



ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව ඊයේ (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ සිටියා.

ඒ ඇය සැකසහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපොළ උපයාගෙන ඇතැයි කියමින් ලද පැමිණිල්ලකට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර සිටියේ තමා වැරැද්දක් සිදුකර නොමැති බැවින් බිය විය යුතු නැති බවයි.

පියුමි හංසමාලි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

මාගේ වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයෙක් පැමිණිල්ලක් කළ බව මාධ්‍යයේ පළ වූ දින සිට බොහෝ පිරිසක් නොකඩවාම මේ පිළිබද මගෙන් විමසීම් කරන ලදී. මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසීම් කරමින් සිටී. මා සම්බන්ධයෙන් හා මාගේ වත්කම් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බැවින්ද එය දැන් ගරු අධිකරණය ඉදිරියේ ඇති නීති කටයුත්තක් වන බැවින්ද තවදුරටත් අදහස් පළ කිරීම නුසුදුසු බව මම විශ්වාස කරමි. සාධාරණ ලෙස කරුණු සළකා බැලීමට මාගේ උපරිම සහයෝගය පොලිසියට හා ගරු අධිකරණයට ලබා දීමට සූදානමින් සිටිමි. එබැවින් ඔබ විමසන සියලු ප්‍රශ්න වලට පිළිතුරු නීති කටයුතු අවසන් වූ පසු ඔබට නොසගවා පැවසීමට මම බලාපොරොත්තු වන බැවින් මෙම සිදුවීම පිළිබඳ විමසීමට තවදුරටත් මා සම්බන්ධ කර ගැනීමට උත්සාහ නොකරන ලෙස ඉල්ලා සිටිමි. මිට සාධාදරනිය ඔබලාගෙ ආදරනිය Piumi hansamali





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: