hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:08



පියුමි බොතේජු කියන්නෙ පුංචි තිරයෙන් නිතර අපි හමුවට එන ආදරණීය චරිතයක්.

ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන්නට හැකි කොමඩි වගේම සීරියස් චරිතත් මැනවින් රඟපාන්නට හැකි දක්ෂ රංගන ශිල්පිනියක්.

ඒ එක්කම පියුමි කාටත් සමීප විවෘතව කතා බහ කරන ආදරණීය චරිතයක්.

මේ දිනවල විකාශය වී අවසන් වූ කියා දෙන්න ආදරේ තරම් හි වින්ද්‍යා කියන්නේත් පියුමිගේ රංගන ජිවිතේ ලැබුණු හොඳ කඩයිමක් කිව හැකි චරිතයක්.

මෑතකදී ඇය ආදරේ ගැන හරි විවෘතව කතා කරලා තිබුණා.

ඒ, පුවත්පත් සාකච්ඡාවක් හා සම්මුඛ වෙමින්….

”…මම ඊයේ පෙරේදා දවසකත් තනියම කල්පනා කළා ඇයි මට මෙහෙම වෙන්නේ.මම හැමෝම එක්ක ආදරෙන් විවෘතව ඉන්න කෙනෙක්.සමහර වෙලාවට මගේ මේ විවෘතභාවය නිසාම ද මගේ ජීවිතේට මටම ආදරේ කරන කෙනෙක් හමුවෙන්නේ නැත්තේ කියලත්.සමහර බැඳීම් ඇතුළේ මට සිද්ධ වුණේ රැවටෙන්න.ඒ නිසා සමහර අවස්ථාවල මම ආදරේ ගැන දෙපාර තුන්පාර හිතුවා.ඒ නිසාම මට අවංක ආදරයක් මඟ හැරුණ ද කියලත් හිතෙනවා.අදටත් තනියම ඉන්න වෙලාවට පාළුවක් දැනෙනවා.තව කෙනෙක්ගේ ආදරයක් රැකවරණයක් වගේම සොයා බැලීම වගේ ඒ දේවල් මට මිස් වෙනවා…”

”ආදරේ කියලා ආව තැන් වලින් සීයට අසුවක්ම වෙලා තියෙන්නේ බොරුව.එතැන ආදරයක් නෙවෙයි තිබිලා තියෙන්නේ.මගෙන් ආලෝකයක් ලබා ගන්න ඕනේ නිසා හෝ එයාගේ දේවල් සපුරා ගන්න තියෙන උවමනාවට මාව ඉත්තෙක් කරගෙන තියෙනවා.මම කියන්නේ පුද්ගලයාට ආදරේ කරලා බලන්න ඕනේ.එහෙම නැතුව එයාගෙන් එහා තියෙන එයාට තියෙන දේවල් වලටවත් එයා ඉන්න තලයටවත් නෙවෙයි ආදරේ කරන්න ඕනේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: