2025 ජූනි 16, පෙ.ව. 12:08
 
            
මේ කියන්න යන්නේ දුක හිතෙන කතාවක්… පසුගියදා ඉන්දිය අහසේදී ජීවිතෙන් සමගත් තවත් එක ජීවිත කතාවක්..
ඒ ජුනි මාසේ දොළොස් වැනිදා… එයා ඉන්දියා ගුවන් යානයෙන් ලන්ඩනය බලා යන්න පිටත් වුණු වයස අවුරුදු 26ක තරුණයෙක් සිටියා.
ඔහු භාවික් .
ඔහුගේ සම්පූර්ණ නම භාවික් මහේෂ්වරී.
එයා ඉන්දියා ගුවන් යානා අනතුරේ ගුවන් මගින් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 241 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර , මේ තරුණයත් ඉන් එක් අයෙක්.
භාවිත මහේෂ්වරී විවාහ වෙලා ඒ වෙනකොට ගතවෙලා තිබ්බේ දින දෙකක් පමණයි .
ඒ කියන්නේ 2025 ජූනි 10 වැනි දින පැවැති විවාහයකින් පස්සේ , 2025 ජූනි 12 වැනිදා ඔහු සේවය කළ ලන්ඩන් නුවර වෙත ආපහු යන්න එයා ඉන්දියා එකසිය හැත්තෑ එක ගුවන් යානයෙන් ගුවන් ගතවුණා.
ඒත් එක ඇසිල්ලෙන් , ඔහුගේ සිහින ප්‍රාර්ථනා ගිලිහී වැටුණා.
බවින්ගේ පියා , අර්ජුන් මහේෂ්වරි, මාධ්‍ය වෙත පවසල තියෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.
“මගේ පුතා බාවික් සති දෙකක කෙටි නිවාඩුවක් සඳහා ඉන්දියාවට ආවා. ඒ වෙලාවේ දෙමව්පියො ඥාතීන් එකතුවෙලා ඔහුගේ විවාහය සංවිධානය කළා “
ඉතාම සරල ලෙස පැවැති මෙම විවාහයෙන් පස්සේ භාවික ලන්ඩනයේ තමන්ගේ රැකියාවට ආපසු යාමට සූදානම් වුණා. ඒ ඔහු ආපහු ඉන්දියාවට ඇවිත් උත්කර්ෂවත් විවාහ උත්සවයක් ගන්න ඔහුගේ දෙමාපියන් එක්ක සැලසුම් කරලා තිබුණු නිසා…
බවින්ගේ තාත්තා අර්ජුන් මහේෂ්වරී වැඩිදුරටත් මේ වගේ ප්‍රකාශයක් කරලා තිබුණා…
” බ්‍රහස්පතින්ද දවල් එකට විතර භාවි මට ඇමතුමක් ලබා දුන්නා. ඔහු කිව්වා ගුවන් ගමනට සූදානම් කියල සියල්ල හොඳින් ඉවර වෙයි කියල.. ගෙදර යන නිසා කරදර වෙන්න එපා කියලත් ඔහු කිව්වා. ඔහු තම අධ්‍යාපනය අවසන් කරලා , ලන්ඩනයේ රැකියාවක නිරත වෙලා හිටියේ… නමුත් පැය භාගෙකට පසු මොකක්ද උනේ කියලා කිසිවෙකුට තේරුම් ගන්න බැරි වුණා…”
මෙම ගුවන් අනතුර තත්පරයක් හැටකට අඩු කාලයක් තුළ සිදුවී තිබුණා.
බාවිගේ ඛේදවාචකය වගේම මෙම අනතුරින් අහිමිවූ සියලු දෙනාගේ ඥාතීන් හා හිතවතුන්ට මේ මොහොතේ මොනතරම් වේදනාවක් දැනෙනවා ඇත්ද?
ලොව පුරා සිටින ජනතාව ඔවුන් වෙනුවෙන් ශෝකයට පත් වෙනවා…
ජිවිතේ හරිම අවිනිශ්චිතයි නේද?
 
                                                        2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25