2025 ජූනි 13, ප.ව. 5:48
 
            
දශකයකින් ලෝකයේ වාර්තා වූ දරුණුතම ගුවන් අනතුර පිළිබඳව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ අතර, ඉන් දිවි බේරාගත් එකම ගුවන් මගියා තමා මුහුණදුන් බිහිසුණු අත්දැකීම පළමු වරට මාධ්‍යයට හෙළි කර තිබේ.
මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ, රමේෂ් විශ්වකුමාර් නැමති බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත 40 හැවිරිදි ඉන්දියානුවෙකි.
යානය නික්මි විනාඩියකට අඩු කාලයකදී එහි විශාල පිපිරුම් ශබ්දයක් ද ඇසුණු බවත් තමා යානයෙන් පිටතට විසිවූ ආකාරය පවා නොදන්නා බවත් ඔහු සඳහන් කර තිබේ.
ගුවන් යානයේ 11A දරණ අසුනේ සිටි ඇති ඔහු ආරක්ෂිත පටි ගලවා දමා යානයේ හදිසි දොරටුවෙන් පැන්න බව මුලින් වාර්තා වුණි.
කෙසේ වෙතත් අනතුරින් පස්සේ ඔහු තුවාල සහිතව ඇවිද යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණි.
කොහොම නමුත් තමා කිසිවෙකු විසින් ගිලන් රථයකට නංවාගත් අයුරු මතක බවත් සඳහන් කර ඇති රමේෂ් යානයේ සිටි බොහෝ දෙනෙකුගේ මළ සිරුරු දුටු බවත් පවසා තිබේ.
පසුව රමේෂ්ව රෝහල්ගත කර තිබුණු අතර, ඔහුගේ සුවදුක් විමසීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රෝහල වෙත පැමිණ තිබුණි.
තම අත්දැකීම පිළිබඳ අදහස් පළ කළ රමේෂ්,
“හැමදේම වුණේ මගේ ඇස් ඉදිරිපිට. මට විස්තර කරන්න අමාරුයි. හදිසි පිටවීමේ දොරටුව භාවිත කළේ නෑ. ඒක කැඩිලා තිබුණේ. මගේ ආසනෙත් කැඩිලා තිබුණේ. දොර කැඩුන තැනින් එළියක් දැක්කා. මම එතනින් එළියට ආවා. පිටත් වුණ ගමන්ම වගේ තමා මේක සිද්ධවුණේ. ඒ එක්කම ගිනි ගන්න පටන් ගත්තා. අගමැතිතුමා ඇහුවා හැමදේම හොඳින් ද කියලා. මම මගේ සහෝදරයත් එක්ක මාස 9ක් විතර ඉන්දියාවේ ඉඳලා ලන්ඩන් යන්න තමා ගියේ. ඇත්තටම ඒ අවස්ථාව විස්තර කරන්න බෑ. ඒක ආශ්චර්යයක්.”
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:09
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25