2023 ඔක්‍තෝබර් 13, ප.ව. 7:42
ටිපර් රථයකට යට වීමෙන් මියගිය කාන්තා පොලිස් කොස්තාපල්වරිය කාන්තා පොලිස් නිලධාරින් රැසක් හඬවා ටෙඩිබෙයෙකු සමඟ භූමදානය කිරීම අද (13) පස්වරුවේ සිදු කෙරිණි.
මීට දින දෙකකට ඉහතදී ගලේවෙල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටිමෙන් බරපතල තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පේදුරුතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කාන්තා පොලිස් කොස්තාපල් වරියක වන චන්දිමා දිල්රුක්ෂි මෙනවිය මියගොස් තිබිණ.
ඇයගේ දේහය දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ තලකිරියාගම ඇතැබැදිවැව නිවසේ තැන්පත් කොට තිබිණි.
දේහය නිවසේ තැන්පත් කොට තිබෙන අවස්ථාවේදීද ඇය ඉතාමත් ආදරය කළ ටෙඩිබෙයා ඇයගේ පෙට්ටිය මත තබා තිබීම විශේෂත්වයකි.
ඒ අනුව දෙමව්පියන්ගේ කැමැත්ත මත දේහය භූමදානය කරන අවස්ථාවේදී ද ඇය ආදරය ටෙඩිබෙයා ද සමග භූමදානය කිරීම සිදු කෙරිණි.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරීවරයාගේ ප්‍රධානත්වයෙන් විශාල පොලිස් නිලධාරීන් පිරිසකගේ ආචාර්ය පෙළපාලියකින් පොදු සුසාන භූමිය වෙත රැගෙන ගිය දේහය පූර්ණ පොලිස් ගෞරව සහිතව සිදු කෙරිණි.
විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර කුඩා ලමුන් පොලිස් නිලධාරීන්ගේ ආචාර්ය පෙළපාලි යටින් මෙම දසුන් නැරඹීම අවස්ථාද දැක ගැනීමට හැකි වුණා.
දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ සිටි කාන්තා පොලිස් නිලධාරීන් ඇයගේ මව තබන විලාපය දරාගත නොහැකිව හඬා වැටෙමින් දෙනෙත් පිසදමමින් ආචාර පෙළපාළියේ රැඳී සිටින බොහෝ දෙනා ගියේ දැඩි සංවේගයට කරුණක් විය.
වයස අවුරුදු 25 ක් වූ ඇය වසර තුනකට ආසන්න කාලයක් පොලිස් සේවාවේ නිලරතව සිටි දක්ෂ පොලිස් කොස්තාපල්වරියක් බව පොලිස් මුලස්ථානය නිකුත් කර තිබු ශෝක නිවේදනයේ සටහන් කොට තිබිණි.
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:09
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25
13-09-25