2022 නොවැම්‍බර් 13, පෙ.ව. 5:52
නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාවතේ වාර්තා වෙනවා.
ඒ බව දැනගැනීමෙන් පසු අසල්වාසීන් විසින් අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබුණා.
මෙලෙස තනිකර දමා ගොස් ඇත්තේ අවුරුදු 2ක් සහ 3ක් පමණ වයසැති ගැහැනු දරුවන් දෙදෙනෙක්.
මේ වනවිටත් පොලීසිය භාරයේ සිටින දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළා.
මෙම දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා මහජන සහාය පතන බවත් ඔවුන් සොයාගත් පසු ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 9:36
2025 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:01
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:02
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25
03-09-25