hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 30, පෙ.ව. 12:02



ඇය අපේ රටේ සම්මානනීය රංගන ශිල්පිනියක්.

ඒත් එක්කම ඇගේ කලා ගමන ලංකාව ඇතුළෙදි නම් ගොඩක් සාර්ථක වුණා කිව්වොත් හරියටම හරි.

අංජලිකා, රෝස කැලේ, ආසයි මං පියාඹන්න, කුස පබා, පත්තිනි, වගේම සරිගම යන නිර්මාණ ඇගේ දිවියේ ඇය සම්මානනීය නිළියක් බවට පත්කරන්නට පාර කැපූ මාවත වුණා.

කොහොම වුණත් පූජා ගැන පසුගිය දවස්වල පැතිර ගිය කතා නම් ඒ තරම් හොඳ වුණේ නැහැ.

ඇය මේ හැම දෙයක්ම කලේ ලොකු කලකිරීමකින්ද බොහෝ දෙනෙක් ඒ ගැන හිටියේ විමසිල්ලෙන්.

කොහොම වුණත් මේ කතාවල සත්‍ය අසත්‍යතාවය ගැන පූජා විවිධ අවස්ථාවන්වලදී අදහස් දක්වල තිබුණා.

පූජාගේ පවුල් ජීවිතය අසාර්ථකයි. ඇය බණ භාවනා කරන්න යොමුවෙලා කියලා ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති ගැන මොනවද කියන්න තියෙන්නේ?

ඒ ඔක්කොම බොරු. දැන් මාත් එක්ක කතා කරද්දි ඔයාටත් තේරෙනවනේ. රසික රසිකාවියෝ මට තමන්ගේ පවුලේ කෙනකුට වගේ හදවතින්ම ආශිර්වාද කළා. ඒකට මගේ රසිකයින්ට ස්තුතියි. දෙවියෝ මා සමග ඉන්නවා කියන එකට සාක්ෂි තමයි මගේ රසිකයෝ. සිනමාවෙන් විතරක් මාව දැකලා රසිකයන් මට මේ තරමට ආදරේ කරනවා කියන්නේ ඒක මට ආශිර්වාදයක්. මම හැමදාම දෙවියන්ට සහ මගේ රසිකයින්ට ආදරෙයි. ළඟදීම මගේ ෆේස්බුක් එක මම අප්ඩේට් කරන්න පටන් ගන්නවා. ඒත් මම කන බොන හැටි අඳින පළඳින හැටි වගේ පුද්ගලික දේවල් ඒකේ දාන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: