hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 17, පෙ.ව. 11:18



නාවින්න විජයරාම ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික විද්‍යාලයේ වැසිකිළියක් මතට අද පස්වරුවේ කඩා වැටුනු තාප්පය ප්‍රවීන ගායක ප්‍රියා සූරියසේන මහතාගේ නිවසේ තාප්පය බවයි වාර්තා වන්නේ.

එම තාප්පය කඩා වැටීම හේතුවෙන් එම පාසලේ අධ්‍යාපනය ලබන 09 හැවිරිදි ශිෂ්‍යයෙක් තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ දරුවාගේ කොඳු ඇට පෙළට තුවාල සිදුවී ඇතැයි සිතා පරීක්ෂණ කටයුතු කරගෙන යන බවයි.

තාප්පය අබලන් තත්ත්වයේ පැවතුන බැවින් අදාල පියවර ගන්නා ලෙස ප්‍රියා සූරියසේන වෙත අවස්ථා කීපයක දී දන්වා සිටියත් ඔහු එය පැහැර හැරිය බව මේ සම්බන්ධව ප්‍රකාශයක් කරමින් පාසලේ විදුහල්පතිවරයා පවසනවා.

අවසානයේ දී ප්‍රදේශයේ ග්‍රාමසේවකවරයා මාර්ගයෙන් ද මේ සම්බන්ධව මෙම ගායකයාට දැනුම් දුන්න ද ඔහු ඒ තත්ත්වයත් නොසලකා හැර තිබුණ බව විදුහල්පතිවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: