hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 මැයි 19, පෙ.ව. 9:23



හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා කියන්නේ අපේ රටේ ඕනෑම ව්‍යසන අවස්ථාවක ඉදිරියට එන, කවුරුත් දැන හඳුනන චරිතයක්.

ඇය සමාජ මාධ්‍ය තුළ ඇගේ වෘත්තීමය ජීවිතේ අමතක නොවන අත්දැකීම් ලියන කෙනෙකු හැටියටත් ප්‍රසිද්ධයි.

එදා තිස්වසරක යුද්ධයක් එක්ක ඇයත් හැමදාම ඔට්ටු වුණා.

මේ ඇය මුහුණු පොතට එක්කළ මතකයක්…..

”අවුරුදු 30 ක යුද්ධයක් එක්ක හැමදාම අපිත් ඔට්ටු වුනා.
උදේට බෝම්බ පිපිරෙනකොට හවස අපි සූදානම් වුනේ උතුරු නැගෙනහිරින් තුවිල ලබා එන වීරුවන් සුවපත් කරන්නයි.
මේ යුද්ධයෙන් බැට කෑවෙ සිංහල දමිළ මුස්ලිම් අපි හැම දෙනාමයි.
මහපාරෙ ගියෙ චකිතයෙන්
බස් එකේ ගියේ චකිතයෙන්
රෝහලේ සිටියෙත් චකිතයෙන්
කොයිවෙලේ හරි බෝම්බයකට බිලි වෙයි කියලමයි හිතුවෙ
මමනම් හිතුවෙම මගෙ ජීව්ත කාලෙම මේකට වන්දි ගෙවයි කියලමයි.
එහෙත් 2009 විජයග්‍රහණයෙන් දැණුන හිතේ නිදහස වචනයකින් කියා නිම කල නොහැකියි.
ඒ කාලෙ යුද සෙබළාගේ මව, බ්රිද, දරුවො විදි වේදනාව ඔබට සිතා ගන්නවත් බැරි වෙයි.
යුද්ධය නිමා කල ඔබ සැමට පිං…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: