hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 19, ප.ව. 1:27



රහමතුල්ලා ගුර්බාස් කියන්නේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්.

ඔහු ගොඩාක්ම ජනප්‍රිය ඉතාමත් නිහතමානී ක්‍රීඩකයෙක් විදිහට.

ඔහු ගැන පසුගියදා කතාබහට ලක්වුණේ ක්‍රීඩාංගනයේ සේවකයින්ට මුදලින් කළ උපකාරයක් සම්බන්ධව.

කොහොම හරි මේ කියන්න යන්නේ ඔහු  මේ රටට ඇවිල්ලා ඉන්න වෙලාවේ කරපු අපූරූ වැඩක් ගැන.

ලංකාවට ආව වෙලාවේ ඇවිදින්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා හිතපු ගුර්බාස් සංචාරයේ යෙදෙන අතරතුර බඩ ඉරිඟු පුච්චලා.

හැමෝම දන්නවනේ  බඩ ඉරිඟු පුච්චලා මොන තරම් රහයිද කියලා.

ඉතින් යනෙන අතරතුර බඩ ඉරිඟු විකුණන තැනකට ගිය ගුර්බාස් තනියම බඩ ඉරිඟු පුච්චලා කන වීඩියෝ  පටය සමාජ ජාලා  තුළ මේ වන විට ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: