hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 05, ප.ව. 5:39



පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතලේ මුවන්දෙනිය ප්‍රදේශයේ නිවසක් කඩා වැටීම් හේතුවෙන් එහි රැඳී සිටි වයෝවෘධ දෙමව්පියන් දෙදෙනකුගේ ජීවිත අනූනවයෙන් බේරී අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා.

අංශභාග රෝගය වැළඳී කන් ඇසීමට හෝ ඇවිද ගැනීමට නොහැකි ඇස් දෙක නොපෙනෙන මහළු හය දරු පියාත් හය දරු මවත් මෙම නිවසේ කාලයක සිට රැඳී සිටින බවත් ප්‍රදේශවාසීන් පවසයි.

දිනපතා ඇදහැලෙන වර්ෂාවත් සමග මෙම දෙදෙනා රැඳී සිටි නිවසේ බිත්ති සහ වහලය කඩාගෙන වැටී මෙම දෙපළගේ දිවි ගැලවී ඇත්තේ අනූනවයෙන් බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

පසුව ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දරමින් මෙම දෙදෙනා කඩා වැටුණු සුන්බුන් අතරින් එලියට රැගෙන විත් අසල්වැසි නිවසකට රැගෙන ගොස් තිබෙනවා.

මාතලේ  මුවන්දෙනිය ප්‍රදේශ්යේ මෙම වයෝවෘද්ධ මව සහ පියා කියා සිටියේ තමන්ට දරුවන් 6 දෙනෙකු සිටින බවයි.

කෙසේවෙතත් දරුවන්ගේ කිසිදු සහයෝගයක් ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන යම්කිසි ආහාරයකින් ජීවත් වූ බවයි.

සමාජයේ  ඉහළ තනතුරු දරන සමාජයේ ඉහළ මට්ටමක දරුවන් රැඳී සිටීම නිසා මෙම නිවසේ තමන් සහ වයෝවෘද්ධ අසනීප තත්ත්වයෙන් පසුවන සැමියා රැඳී සිටින බව එම මව හැඬු කඳුළින් සඳහන් කළා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ වසර ගණනාවක සිටම මෙම මාපිය යුවල කිසිදු අයෙකුගේ හව්හරණක් නොමැතිව මේ ආකාරයෙන් සිටින බවයි.

තම දියණිය ඔවුන්ගේ නිවසට ගෙන්වා ගැනීම සඳහා බව පවසමින් මගට ගෙනැවිත් අතරමං කර දැමූ බවද එම මව ප්‍රදේශවාසීන් සමඟ පවසා තිබෙනවා.

දඹුල්ල – කාංචන කුමාර ආරියදාස