2022 අප්‍රේල් 21, ප.ව. 6:23
රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගියා.
මෙලෙස මියගොස් තිබුණේ කරඳගස් තැන්න, හිරිවඩුන්න, නාරම්බැද්ද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමැත්තෙක්.
ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්.
තම පියා වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බව රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් මිය ගිය කේ.ඩී ලක්ෂාන්ගේ දියණිය පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහුගේ දියණිය පවසන්නේ මුදල් ආධාර අවශ්‍ය නොවන බවත් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් පමණක් අවශ්‍ය බවයි.
“තාත්තා අපිට දවල් කියලා ගියේ ෂෙඩ් එකට පෙට්‍රල් ගහන්න යනවා කියලා. හවස බයික් එක ගන්න යද්දී තමා වෙඩි තියලා තියෙන්නේ. තනියම ඉඳිද්දී තමයි වෙඩි තියලා තියෙන්නේ. එක මාමා කෙනෙක් දැකලත් තියෙනවා. මට මේකට සාධාරණයක් ඕනේ. මට සල්ලි මිල මුදල් එපා මට මගේ තාත්තා වෙනුවෙන් පුංචි හරි සාධාරණයක් ඕනේ. මම හැමතිස්සෙම තාත්තට කෝල් කරනවා. එතකොට කියනවා එයා කොහෙද ඉන්නේ කියලා. පස්සේ මම කෝල් ගත්තා ඒත් ඉස්සුවේ නෑ. පස්සේ තමයි කෑගල්ලේ ඉන්නවා කියලා දැනගෙන මම ගියේ. එතකොටත් තාත්තා නැතිවෙලා ඉඳලා තියෙන්නේ. මේ කිසිදේකට තාත්තා සම්බන්ධ නෑ. මොකද තාත්තා යන්නේ නෑ. නිකන් නිස්කාරණේ මගේ තාත්තව නැති කළේ. මට මේකට සාධාරණයක් ඕනේ. මගේ තාත්තගේ ජීවිතය නැතිකළා.”
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 19, ප.ව. 3:20