hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 14, ප.ව. 1:33



ඊයේ දවසේ පොල්දුව හන්දියේදී අරගලකරුවන් යැයි කියා ගන්නා පිරිසක් විසින් පාර්ලිමේන්තුව වැටලීමට සූදානම් වුණා.

එහිදී කීප වතාවක්ම තත්වය පාලනය කරන්න කඳුළු ගෑස් එල්ල කරන්න සිද්ධ වුණා.

හැබැයි මෙතනට අරගල කරන්න කවුද එන්න කිව්වේ කියන එක ගැන ගැටළුවක් ඇති වුණා.

පැතුම් කර්නර් විසින් ජනතාව උස් ගැන්වූ බවත්, සියලු විනාශයන්ට ඔහු වග කිව යුතු බවත් රැට්ටා, සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් සඳහන් කළා.

ගෝල්ෆේස් අරගල භූමියෙන් නෙරපූ පසු, නැති වූ ජනප්‍රියත්වය යළි ලබා ගැනීමට පැතුම් කර්නර් උත්සාහ කරන බවයි රැට්ටා වැඩිදුරටත් පවසා සිටින්නේ.

“…කවුරුත් පාර්ලිමේන්තුව අසළට යන්න එපා! පාර්ලිමේන්තුව වැටලීමේ කිසිදු අරමුණක්, අවශ්‍යතාවයක් නෑ මේ වෙලාවේ.. දැන් පාර්ලිමේන්තුව වැටලීමේ අවශ්‍යතාවයක් නෑ. අපිට විසඳුම් දිය යුත්තේ පාර්ලිමේන්තුවෙන්. පැතුම් කර්නර් ලයිව් ගිහින් නිකන් මිනිස්සු අවුුස්සලා, මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක පැතුම් සෙල්ලම් කරන්නෙ…ගෝල්ෆේස් එකේ වැටලුම් තුනක් වුණා. එකක්වත් ජීවිත හානි නොකර සාමකාමීව සිදුවුණා. මේ පාර්ලිමේන්තුව ළඟ වෙන්නෙ ලොකු විනාශයක්. කරුණාකරලා පාර්ලිමේන්තුව ළඟින් අයින් වෙන්න. වටලන්න යන්න එපා. මිනිස්සු මේ වෙලාවේ ආවේගෙන් ඉන්නේ. ඒ ආවේගෙන් හිටියට කොයි වෙලාවෙත් පාර්ලිමේන්තුව හෝ කතානායක නිවස වටලන්න එපා…අපි විසඳුමක් ගත යුතුයි. නැත්තම් මේක ලිබියාවක් ඇෆ්ගනිස්ථානයක් බවට පත් වේවී. ඒක නිසා…. ඒ පැත්තට යන්න එපා. පැතුම් කර්නර්… එයා කරන්නේ තමන්ගේ නැතිවෙච්ච, ගෝල්ෆේස් එකෙන් රිජෙට් වුණාට පස්සෙ නැතිවෙච්ච ජනප්‍රියකම ගන්න හදන එක… එහි සිදුවන ජීවිත විනාශ වීම්වලට ඔබ වග කිව යුතුයි.. අරගල භුමිය සීසී කඩ කැඩෙමින් පවතිනවා. රනිල් කියන්නෙ කපටියෙක්. තක්කඩියෙක්. රනිල් දැන් කරන්නෙ අරගලය දෙකඩ කරන එක… ඔවුන්ගේ ගැටවලට අහුවෙන්න එපා..”