hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:02



රවී රොයිස්ටර් විවාහ වෙලා. ආරංචිය නම් අලුත්. ඒත් ආරංචිය ඇත්තක්ද? මේ බොහෝ දෙනාට මතුවුණු ගැටලුවකි. රවී රොයිස්ටර් මෙතෙක් කිසි දිනෙක පෙම්වතියක් ගැන වචනයක්වත් කිසිම තැනක පවසා නොතිබීම එයට හේතුව වන්නට ඇත. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ පින්තූර පැතිරෙන්නට ගතවූයේ නිමේෂයකි.

සොයා බැලීමේදී ආරංචිය සත්‍යයකි. රවීගේ අතගත් මනාලිය ජයෝමි කෝනාරය. ඇය කැනඩාවේ පදිංචිකාරියකි. පසුගිය අගෝස්තු 28 වැනිදා පුවක්ගස්ඕවිට කොකෝලොකේ ගාඩ්න්ඩ්හි දී ඔවුන්ගේ මංගල උත්සවය අලංකාරව නිමවී තිබිණි. ඒ ආදරණීය දවස ගැන තොරතුරු විමසීමේ අදහසින් පුවත්පතක් ඔවුන් සමඟ කළ සාකච්ජාව පහතින් ,

රවී රොයිස්ටර් කියන්නේ ජනප්‍රිය තරුවක්. කොහොමද මේ ආදරය මේ තරම් කල් හංගන් හිටියේ?   

මේ වෙනකල් කවුරුත්ම ඒ ගැන දැනන් හිටියෙ නෑ. පළමුවැනි වතාවට එයා ගැන දැනගත්තේ එන්ගේජ්මන්ට් එක නිසා. එයා ජයෝමි කෝනාර. කැනඩාවේ රාජ්‍ය සේවයේ රැකියාවක නිරතවෙලා ඉන්නවා. විවාහ ගිවිස ගැනීමට දවස් තුනකට කලින් තමයි එයා ලංකාවට ආවේ. පහුගිය අගෝස්තු 28 වැනිදා පොල්ගස්ඕවිට කොකෝලොකෝ ගාර්ඩ්න් එකේ අපේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා. එදාම හවස සමීපතමයින් පිරිසකට විතරක් කියලා පොඩි පාර්ටියක් ගත්තා.

ගිවිස ගැනීම ඉවරයිනේ. විවාහ උත්සවය තියෙන්නෙ කවදද?

ඒක නම් තාම තීරණය කරල නැහැ. තව දවස් කීපයකින් ජයෝමි නැවත කැනඩාවට යනවා. මේ අවුරුද්ද අවසානයේ මාත් යන්නයි බලාපොරොත්තුව.

කොහොමද මේ හමුවීම සිදු වෙන්නේ?

සෝෂල් මීඩියා හරහා තමයි. මං සම්බන්ධ වුණු එක් වැඩසටහනකදි මං ජයන්ත පෙරේරාගේ ‘සුදුපාට මල් වැටුණු රතුපාට රැලි ගවුම’ ගීතය ගායනා කළා. ඒ ගීතය එයාගෙ හිතට දැනිලා. ඒ ගැන කියලා මාව අගය කරලා එයා මට මැසේජ් එකක් දාල තිබුණා. මාත් රිප්ලයි කළා. ඒක තමයි දිගින් දිගට ගිහින් මේ තරම් දුරක් ආවේ. ඒ දැනට මාස 8කට විතර කලින්.

ඔබ දෙදෙනා රටවල් දෙකක. සම්බන්ධය පටන්ගෙනත් මාස 8යි. පළමුවැනි හමුවීම ගැන මතක් කළොත්?

අපි මුලින්ම හමුවෙන්නේ එයා ගියපාර ලංකාවට ආපු දවසෙ එයාර්පෝට් එකේදි. ඒ අප්‍රේල් 10 වැනිදා. වීඩියෝ කෝල්වලින් දැකල තිබුණට හැබැහින් දැක්කෙ එදා. දැක්ක ගමන්ම මට හිතුණා මගේ තෝරාගැනීම හරියටම හරි කියලා.

ඇයට කැමැති වෙන්න විශේෂ හේතු තිබුණද?

ඇය උගත් බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම තමයි තේරුම් ගැනීමත්. අපි දෙන්න ඉන්නෙ රටවල් දෙකක. එයා කැනඩාවේ. මං ශ්‍රී ලංකාවේ. පරිසර දෙකක්. ටයිම් දෙකක්. මං වැඩ කරන වෙලාවට එයා නිදි. එයා වැඩ කරන වෙලාවට මං නිදි. කිසිම ගැටලුවක් ඇතිවෙන්න නොදී මේ දක්වා ආවේ ඒ අවබෝධය නිසා. මං හරි කැමැතියි ඒකට. එයා කවදාවත් මාව වෙනස් කරන්න උත්සාහ කළේ නෑ. මං අඳින පලඳින විදිහටත් ඇය අකැමැති වුණේ නෑ. ඒ නිසා මං නිදහසේ මගේ වැඩ ටික කරන් හිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: