hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2025 මැයි 19, පෙ.ව. 10:42



රෙබෙකා දිල්රුක්ෂි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්.. ඔන්න ඉතින් ඇය ගැන කාලෙකට පස්සේ මේ අහන්න ලැබෙන කතාව මොකක්ද..?

ඇය රංගනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළ රංගන ශිල්පිනියක්.. ඒ විතරක් නෙවෙයි, හැමෝම ආදරය කරන රෙබෙකා අද මේ තරමේ ජනප්‍රියත්වයක් ලබාගන්න ගොඩක් කල් ඒ වෙනුවෙන් බලා ඉඳලා..

සමහර අසීරු කාලවලදී රංගනය අත් හරින්න පවා ඇයට සිතුනත්, ඒ සියල්ලම දරාගෙන ඇය ඉදිරියට යන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ..

ඉතින් ඒ ගෙවුණු කටුක කාලයත් අද ඇය ගෙවන කාලය ගැනත් රෙබෙකාට ගොඩක් සතුටු ඇති මේ අන්න ඒ ගැන ඇය කියලා තිබුණු කතාවයි..

“අපොයි තිබුණා. බෝඩිම්වල ඉඳලා නිකං චාටර් වෙවී ඉන්නකොට මේක අතහරින්න හිතුන වාර අනන්තයි. කොරෝනා කාලයේදී නම් මට හැරිලා යන්නමයි හිතුණේ. ආපහු යන්නත් බැහැ රට වහලා. කන්නත් නැහැ. රස්සාවක් කරන්නේ නැති හින්දා මට ආදායම් මාර්ගයකුත් නැහැ. සමහරු කිව්වා ඔයාට රස්සාවක් කරන්න තිබ්බනේ කියලා. හැබැයි රස්සාවක් කළා නම් මට මේක අතහැරෙනවා. මේක කළොත් රස්සාවක් කරන්න බැහැ. ඔය වගේ කාරණා රැසක් තිබුණා. අතහැරලා යන්නම ඕනෑ කියලා හිතුන වාර අනන්තයි. අද වෙනකොට ඒවා දරාගෙන ඉඳීම ගැන සතුටුයි. හැබැයි ජීවිතය ජයග්‍රහණය කළා කියලා එකක් නැහැ. මම ඉන්න තැන ගැන මම දැන් තෘප්තිමත්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: