hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 22, පෙ.ව. 11:14



රූගත කිරීමකට යන අතරතුරදී, හදිසි අනතුරකට ලක්ව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ මහත්මියගේ ශල්‍යකර්මයක් සම්බන්ධයෙන් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා.

ඒ, ඇයගේ ශල්‍යකර්මය සඳහා අවැසි මූල්‍යමය පසුබිම පිළිබඳව සඳහන් කරමින්.

එම සම්පූර්ණ සටහන පහතින්,

“මේ මොහොතේ මෙවැනි පෝස්ට් එකක් ෆේස්බුක් එකේ සංසරණය වෙනවා. මෙම පෝස්ටුව අප විසින් සකස් කරන ලද්දක්. නමුත් ඒ වට්සැප් සහ මෙසෙන්ජර් හරහා බෙදා හැරීමටයි. ඒ අපගේ අතිශය සමීප හිතවතුන් අතර පමණක් බෙදාගැනීමටයි..

නමුත් දැන් මෙම පෝස්ටුව මේ වන විට විවිධ ෆේස්බුක් පේජ්, සහ විවිධ ගිණුම් හරහා සංසරණය වන අතර ඒ සෑම අයෙකුගේ ම සහායයට බෙහෙවින් ම ස්තුතියි.

මෙම මුදල් අම්මාගේ සැත්කම වෙනුවෙන් පමණි. ඒ වගේම ඇයගෙ ඉදිරි ප්‍රතිකාර සඳහා සහ අප විසින් පුද්ගලිකව මේ මොහොතේත් දරණු ලබන මුදල් ප්‍රමාණය අති විශාලය.

එබැවින් මෙම පෝස්ටුව හරහා වෙනත් පාර්ශ්වයන් අපහසුතාවට පත් නොකරන මෙන් ඉල්ලමි.

මේ ඔබගේ උදව් අවශ්‍යම මොහොතයි….

පසුගියදා රූගත කිරීමක් අතරතුරදී හදිසි අනතුරකට ලක් වූ ප්‍රවීන රංගන ශිල්පිනි රූපා පතිරණ මහත්මිය මේ වන විට කුරුණෑගල මහ රෝහලේ 85 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

වෛද්‍ය උපදේශය අනුව හැකි ඉක්මනින් ශල්‍යකර්මය සිදු කළයුතු අතර එම ශල්‍යකර්මයට රුපියල් ලක්ෂ පහක (රු. 500,000/=) මුදලක් අවශ්‍යව ඇත.

ඔබට හැකි අයුරින් ඇයට සහාය වෙන ලෙස ඉල්ලා සිටිමු.

ඇයගේ බැංකු ගිණුම් අංකය

රූපා පතිරණ

93298403

ලංකා බැංකුව

පොල්ගහවෙල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: