hit counter

2025 ජූලි මස 07 වන සඳුදා

2025 ජූලි 07, පෙ.ව. 12:06



ප්‍රවීණ රංගන ශිල්පිනි රූපා පතිරණ මහත්මිය, පහුගිය දවසක හදිසි අනතුරකට මුහුණ දුන්නා.

ඒ, නවතම ටෙලි නිර්මාණයක රූගත කිරීමකට යන අතරේ මහව ප්‍රදේශයේදී.

සිදුවූ අනතුරින් ඇයට ශල්‍යකර්මයක් කිරීමටත් වෛද්‍යවරු නිර්දේශ කර තිබුණා.

කොහොම නමුත් මේ වෙද්දි ඇය සුවවෙමින් පසුවනවා.

මේ, තමන්ගේ අසනීප තත්ත්වය ගැන විමසන පිරිස් වෙනුවෙන් රූපා පතිරණ මහත්මිය තැබූ සටහනයි…

”බොහෝ දෙනා මගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව විමසන නිසා කෙටි නිහැඬියාවකින් පසුව මේ සටහන තබන්න හිතුවා.

දැන් මගේ තත්ත්වය ඉතාම යහපත් අතට පත් වී තිබෙනවා.

කිසිදු ආධාරකයක් නොමැතිව ඇවිදීමේ හැකියාව දැන් පවතින නමුත් වෛද්‍ය නිර්දේශය මත තවත් ටික කලක් විවේක සුවයෙන් සිටිය යුතු වෙනවා.

.

කෙසේ වෙතත් ඉතාම ඉක්මනින් අලුත් නිර්මාණයක් තුළින් ඔබ හමුවට එන පොරොන්දුව මත මේ සටහන අවසානයට මාගේ සෞඛ්‍යය තත්වය විමසන, ඒ වෙනුවෙන් කැපවෙන ආදරණීය ප්‍රේක්ෂක ජනතාවට ආදරේ බව සටහන් කරනවා.

ස්තුතියි

රූපා පතිරණ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: