hit counter

2025 නොවැම්‍බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 13, ප.ව. 2:22



රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් ඩෙකර් කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන ආදරණීය කලාකරුවන් දෙපළක්. ඉතින් මේ දෙන්නා ගොඩක් සමගියෙන් සතුටෙන් ජීවත් වෙනවා කියන්නත් හැමෝම දන්නවා.

හැබැයි මේ දිනවල ශෙරිල් රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබනවා කියලා තමයි ආරංචි වෙන්නේ ඒ සම්බන්ධයෙන් රුවන් හෙට්ටිආරච්චියේ සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කොට තිබුණි.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ,

“මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ අවසාන හුස්ම බිංදුව යනකන් කවමදාකවත් අපි දෙන්නාගේ තියන සතුට නැති කරන කිසිම දෙවයක් අපිට ගෙන දෙන්න එපා කියලා. සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සහ කරත් සොබාව දර්මය විසින් එයට ඉඩ නොදෙනවානම් අපිට එය එපා.. අනිත් සියළුම දේවල් වලට වඩා අපිට වටින්නේ අපි දෙන්නාගේ තියන සතුටයි ආදරයයි.” යනුවෙනි.

එවිට බොහෝ දෙනා ඔවුන්ගේ හිත හදමින් ආදරණීය දරු සිහිනය ඉක්මනින්ම සැබෑ කර ගැනීමට හැකියාව ලැබේවා කියලත් සුබ පැතුම් එක් කොට තිබුණි.

තවත් බොහෝ පිරිසක් රුවන් මේ විදිහට ස්වභාවධර්මයෙන් අපි ළඟට ගේන්න ඉන්න අයව ගේන්න ඉඩ නොදෙනවා කියන දෙයින් අදහස් කරේ නැවත වතාවක් ශෙරිල් උතුම් මව් පදවිය ලැබ එය අහිමි වී තිබෙන කරුණක් ලෙස සඳහන් කර තිබුණි.

කෙසේ නමුත් ඇය මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින අතර මීට කීප අවස්ථාවකදීම ඇයට උතුම් මව් පදවිය ලැබීමට වාසනාව ලැබුණත් එය හැබෑවක් කර ගැනීමට හැකියාවක් ලැබී නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: