2025 ජූලි 14, පෙ.ව. 12:05
”රයන් වැන්රෝයන්” නම දැන් අපිට හුරුපුරුදු වුණාට, මේක ටිකක් වෙනස් නමක්නෙ.
ඔව්, රයන් කියන්නෙ බර්ගර් ජාතිකයෙක්. රයන්ගෙ අම්මා තාත්තා දෙන්නත් බර්ගර්.
නම විතරක් නෙවෙයි රයන්ගෙ පෙනුමත් හරියට සුදු ජාතිකයෙක් වගේ. ඒ තමයි ඔහුගෙ අනන්‍යතාව.
නම, පෙනුම එහෙම වුණාට රයන් කියන්නෙ බෞද්ධ ආගමට ලැදි චරිතයක්.
තවත් වසර කිහිපයකින් සසුන්ගත වීමයි ඔහුගේ එකම අරමුණ.
”මම රෝමානු කතෝලිකයෙක් වුණාට මීට අවුරුදු හතකට පෙර ඉඳන් මම ශ්‍රී මහා බෝධියට ගිහින් භාවනා කරනව, දළදා මාළිගාවට යනව, රුවන්මැලි සෑය, කිරි වෙහෙර අධිපති ස්වාමීන් වහන්සේලා පෞද්ගලිකවම මාව දන්නව.
මේ විදිහට බෞද්ධ වත් පිළිවෙත් බොහොමයක් කරනව.
මට දැන් අවුරුදු හතළිස් හතයි. මගේ අරමුණ තව අවුරුදු තුනකින් මහණ වෙන එක.
අවුරුදු හතක් පුරාවට පියවරෙන් පියවර මම ඒකට අවශ්‍ය දේ සූදානම් කරමින් ඉන්නව.
මගේ දෙමවුපියන්ට ජීවත් වෙන්න යම් දෙයක් තියෙන්න ඕන. මගේ දරුවන්ටත් ඒ වගේ.
යුතුකම් ටික පිළිවෙළක් කළාට පස්සෙ මගේ ගමන මට යන්න පුළුවන්…”
ඒ තමයි රයන්ගේ එකම බලාපොරොත්තුව.
ඔහු කියන හැටියට, සිය ළමා කාලය සුවපහසුව ගෙවුණු එකක් නෙවෙයි. බඩගින්නෙ ඉන්න වුණු වාර පවා සෑහෙන්න තිබුණු බවයි ඔහු කියන්නෙ.
”මගේ ළමා කාලයේදී මට කිසිම දෙයක් තිබුණෙ නැහැ.
කාපු බත්කටවල්වලට වඩා බඩගින්නෙ හිටපු අවස්ථා වැඩියි.
ඒ නිසා මම අදටත් පිළිකා රෝහලේ සහ අන්ධ විද්‍යාලයේ අම්මලා තාත්තලා සියයක් දෙනාට මම කලාවෙන් හම්බ කරන දෙයින් සෑම මසකම කෑම වේලක් දෙනව, ඔවුන්ගෙ කොණ්ඩා කපනව.
මම හිතනව අපි ඒ දේවල් කළ යුතුමයි. තව කෙනකුගේ බඩගින්නක් මට දැනෙන්නෙ මම බඩගින්නෙ හිටපු නිසා.
මම පාසල් ගියේ දෙහිවල සාන්ත මරියා මහා විද්‍යාලයට. ඒක හරි දුප්පත් පාසලක්. දුප්පත් ළමයි හිටියෙ.
මගේ තාත්තා මුල්කාලයේ එයාර්ෆෝස් එකේ හිටියෙ. පස්සෙ රට ගියා. ඔහුට වත්කමක් තිබුණෙ නැහැ මාව ලොකු ස්කෝලෙකට දාන්න.
මගේ පවුලෙ මමයි නංගියි හිටියෙ. අම්මා රැකියාවක් කළේ නැහැ. සමහර දවස්වලට පල්ලියෙන් දෙන බත් එක මම කෑව කියල මගේ අම්මට ගෙනත් දීලා, අම්මයි නංගියි ඒ බත් එක කන හැටි හොරෙන් බලාගෙන ඉන්නව. ඒක තමයි මගෙ ළමා කාලය.”
ජීවිතේට ආව මේ ප්‍රශ්න නිසාම, රයන් හරි මඟට යොමුවෙලා….
”ජීවිතයේ මට ආපු ප්‍රශ්න මාව හරි මගට යොමු කළා.
මාව තව තව බුදු දහමට යොමු කළා. විශ්වයට බරක් නොවෙන්න මනුස්සකමක් ඇතිව සමාජයේ ජීවත් වෙන්න හුරු කළා.
ඉස්සර මම හරිම ආවේගශීලියි. ගොඩක් කේන්ති යනව. දරාගන්න බැරිව ගෙදර අයටත් කෑගහනව.
දැන් මම ප්‍රශ්න පිළිගන්නෙ සිනහ මුසු මුහුණින්. මට දැනුණ දේ තමයි බුදු දහමට ළං වෙද්දි ප්‍රශ්න අඩුයි කියන දේ.”
”අවුරුදු සියයකට මම මගේ ජීවිතය විඳලත් තියෙනව, විඳවලත් තියෙනව.
ඉතිං මට තව විඳින්න දේකුත් නැහැ, විඳවන්න දේකුත් නැහැ.”
උපුටාගැනීම් : මීවිත
2025 ජූලි 14, පෙ.ව. 12:04
2025 ජූලි 13, පෙ.ව. 12:10
2025 ජූලි 13, පෙ.ව. 12:03
2025 ජූලි 12, පෙ.ව. 12:07
2025 ජූලි 12, පෙ.ව. 12:02
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
14-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
13-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25
12-07-25