hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 මැයි 20, පෙ.ව. 10:02



පහුගිය කාලයේ ඔබත් දකින්න ඇති දරු ගැබක් දරාගෙන අපූරුවට නර්තනයේ යෙදුණු ඇයව.

එහෙම ඇයව දකින ‘ඇතැමෙක්’ වපර ඇහින් මේ ලාලිත්‍ය දැක්කට මොකද, බොහෝදෙනාගේ ඇහැ ගියේ ඇයගේ සුවිශේෂී දස්කම් දිහාවට. හැකියාව දිහාවට.

ඒ වෙනින් කවුරුත් නෙවෙයි, ජනප්‍රිය නර්තන ශිල්පිනි සාරා අබේවර්ධන.

දරු ගැබක් දරාගෙන හැඩට පා තබන එක විතරක් නෙවෙයි, සාරා තෝරාගන්නා විලාසිතාවන් ද බොහෝ ඇස්වලින් විනිශ්චය කරපු වාර සෑහෙන්න.

ඒවා කොහොම වුණත් සාරා කළේ සිය ගමන සාර්ථකවම ඉදිරියට ගෙන යාම. ඈ විශේෂ වන්නේ ඒ නිසයි.

දරුවෙක් ලැබීම ආස දේ අහිමි කරගන්න හේතුවක් කරගන්න හේතුවක් කරගන්න ඕනි නැහැනේ.

ඉතින් මේ හැමදේම කරගෙන යන අතරතුර සාරා හරි අපූරූ සටහනක් එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණා.

ඇය පුංචි සිඟිත්තා සමග ඉන්න ඡායාරූපයක් පළ කරලා තිබුණේ ලහිරු ලියනගේ ලියා තිබූ පද වැලකුත් එක්කයි.

නොයෙක් කතා කිව්වත් බෝසත් උතුමන්ලා
බඩ නිසා සැවුල් පද රිසි සේ පට බැන්දා
පතිනි පොටේ තුත්තිරි යැයි කී හන්දා
ගැහැණු කම මෙයයි දැන හැඳිනම යමු දෝණා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: