2025 අගෝස්තු 19, පෙ.ව. 12:14
දැක්කත් හිත නිවන රූප, අපේ ඇස ගැටෙන්නේ බොහෝම කලාතුරකින්.
එහෙම අපූරු රූපයකට හිමිකම් කියන සොඳුරු යුවතියකි, සජානා වනිගසූරිය.
සජානා කියන්නෙ නිතර අපට තිරයෙන් මුණගැහෙන ආකාරයේ චරිතයක් නම් නෙවෙයි.
වෙළඳ දැන්වීම්වලින් ඇරුණාම, ඇයව අපට සමීප ගීත රූප රචනාවලින්.
ඒකත් එකකින් දෙකකින්..
සමාජ මාධ්‍යයේත් ඇය තරමක් නිහඬ චරිතයක් කිව්වොත් හරි.
එහෙම නිතර නිතර ඇස නොගැටුණාට මොකද, මේ රූපය කාගෙත් හිත්වල පැළපදියම් වුණු එකක් බව නම් කාටත් පිළිගන්නම වෙනවා.
හපන් පැදුරෙන් කලාවට ආව ඇය පසුකාලීනව “උණුහුම” ”සඳනාරි” වැනි ගීත රූප රචනාවලින් අපේ හිත් හොරාගන්නවා. ඒ වගේම ”අහසින් වැටුණා” ”අග්නි” වැනි ටෙලි නිර්මාණ තුළිනුත් සජානා කතාබහට ලක්වෙනවා.
ඒ නිකන්ම නෙවෙයි, සම්මානනීය රංගන ශිල්පිනියක් විදියට.
කලාව තුළ එහෙම සාර්ථක වෙනකොට, සජානා ඉගෙනීම තුළිනුත් අති සාර්ථක ගමනක නියැලෙනවා.
මේ වෙද්දි ඈ පිළිකා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක් වීමේ බලාපොරොත්තුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනවා.
සජානාට ඉන්නවා නිවුන් සහෝදරයෙක්. ඔහු සජීව් වනිගසූරිය.
සහෝදරයාත් වෛද්‍යවරයෙක්. ඒ වගේම අම්මත් වෛද්‍යවරියක්.
ක්ෂේත්‍ර කිහිපයකට ම දස්කම් දක්වන මේ සුන්දර යුවතිය දැන් ආදරණීය බිරිඳක් වගේම පුතෙකුගේ අම්මා කෙනෙක් ද වෙනවා.
සජානාගේ සැමියත් වෛද්‍යවරයෙක් ලෙසයි කටයුතු කරන්නෙ.
තමන් මේ දක්වා ආව ගමනේ සාර්ථකත්වය ගැන කතා කරන සෑම විටකම, සජානා කියන හරි අපූරු කතාවක් තියෙනවා.
ඒ තමයි දෙමාපියන්ගේ මඟපෙන්වීම ගැන…
”කලා පවුලක නොඉපදුනත් කලා ලෝකයට පිවිසෙන්න මට මගපෙන්නුවේ මගේ දෙමවුපියනුයි. මටත් මගේ නිවුන් සහෝදරයාටත් හොඳ ජීවිතයක් ලබා දෙන්න මගේ දෙමවුපියන් ගොඩක් මහන්සි වුණා. ඔවුන්ගේ උත්සාහය අද සාර්ථක වී තිබෙනවා…”
සජානාට ආදරේ කරන කවුරුත් බලාපොරොත්තුවෙන් ඇති අනිවාර්යයෙන්ම, ඇයව සිනමා තිරයෙනුත් දැකබලා ගන්න.
මීට ඉහත වැඩසටහනකට එක්වෙමින් ඈ ඒ ගැන කියලා තිබුණෙ මෙන්න මෙහෙම කතාවක්….
”මට ෆිල්ම්ස් කීපයක්ම ආවා. නමුත් මම නිර්මාණවලදි හරියට තෝරනවා. ඉතින් පොඩි හරි සරාගී දර්ශනයක් කරන්න මම ආස නෑ. මම දැන් අම්මා කෙනෙක්. ඉතින් ඒ නිසා මට හරියන චිත්‍රපටියක් ලංකාවේ හැදෙන්නෙ නෑ. මට ඒක ශුවර්. ආව ඔක්කොටම මට බෑ කියන්න තමයි වුණේ….”
2025 අගෝස්තු 19, පෙ.ව. 12:06
2025 අගෝස්තු 18, පෙ.ව. 12:08
2025 අගෝස්තු 18, පෙ.ව. 12:04
2025 අගෝස්තු 17, පෙ.ව. 12:10
2025 අගෝස්තු 17, පෙ.ව. 12:09
19-08-25
19-08-25
19-08-25
19-08-25
19-08-25
19-08-25
19-08-25
19-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
18-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25
17-08-25