hit counter

2025 නොවැම්‍බර් මස 20 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්‍බර් 20, ප.ව. 7:17



ජපානයේ වාසය කරන ප්‍රකට අන්තර්ජාල චරිතයක් වන සජීව් රාජපුත්‍ර සහ ඔහුගේ බිරිය මෑතක ඉදිරිපත් කළ මෝටිවේශනල් වීඩියෝවක් මේ දිනවල දැඩි සමාජ කතාබහට හා විවේචනයට ලක්ව තිබේ

සජීව් රාජපුත්‍ර කාලයක් තිස්සේ තම විශාල පවුල සම්බන්ධයෙන් ව්ලොග් ඉදිරිපත් කළ අතර මෑතක සිට මෝටිවේශනල් වීඩියෝ ද ඉදිරිපත් කරයි.

කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රජීව්ගේ බිරියද කෝටිපති පවුලකින් පැවත එන්නියක් වන අතර ඇය ප්‍රකට දේශීය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ දියණියයි.

ඇය මෑතකදී ඉදිරිපත් කළ මෝටිවේෂනල් වීඩියෝවකදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත කිරීමට ගියැයි විවේචනයට ලක්ව ඇත්තේ, ඇඳුමක අවුලක් හෝ කාන්තාවන්ගේ “සිග්නල්” එකක් නොමැතිනම් පිරිමින් කිසිවක් නොකරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙනි.

ජපානයේදී මිනිත්තු පහක පාසල් ගමනට පවා තම පුතුන්ව මෝටර් රථයෙන් රැගෙන යන, පොදු ප්‍රවාහන සේවයේ අත්දැකීම් නොමැති රාජපුත්‍ර බිරිය මෙලෙස ප්‍රකාශ කිරීම පොදු ප්‍රවාහනයේ ගමන් කරන කාන්තා ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

ඒ කතාබහ සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන අතරවාරයේදී මුතූ රාජපුත්‍ර විසින් සජීව් රාජපුත්‍රගේ මුහුණු පොතේ දීර්ඝ සටහනක් එකතු කරමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

එම සම්පූර්ණ සටහන පහතින්,

පසුගිය දින තුල සමාජ මාද්‍ය ජාලා තුල විශාල කතිකාවතක් ඇති කරමින් යන මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යව ඇති පසුබිමක මේ සටහන ඔබ වෙනුවෙන් ලිවීමට තීරණය කලෙමි.

ප්‍රථමයෙන්ම මා ඔබට දැනුම් දෙන්න කැමතී කිසිදු ලෙසකින් මා කාන්තාවන් අපහසුතාවට පත්කරන ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තු නොවූ බව සහ මා ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වූ අදහස සහ එම වීඩියෝ පටය තුලින් ගම්‍ය වී ඇති අදහස සම්පූර්ණයෙන්ම වෙනස් අන්ත දෙකක් බව. ඒ තුලින් සාමාන්‍ය ජන ජීවිතයේ ඉතා අසීරු ජීවන අරගලයක නිරතව සිටින එකඳු කාන්තාවක් හෝ අපහසුතාවට පත්වූවානම් ඒ වෙනුවෙන් මා අවංකවම මාගේ කණගාටුව පල කරනවා.

එම වැඩසටහන පටිගත කල දවසේදි විව්ධ මාතෘකා කීපයක් සම්බන්ධව අපි අපේ අදහස් හුවමාරු කරගනිමින් සිටියා. එහිදී අපි අතර වුන කතාබහට මාතෘකා වුනේ අසහනකාරී පිරිමින් හෝ දූෂකයන් නෙවේ. එවැනි අසහනකාරී හැඟීම් ඇති පිරිමින් ආරක්ෂා කිරීම හෝ සාධාරණීකරණය සඳහා එකදු වචනයක් හෝ වැයකිරීම මා කිසිම හේතුවක් මත කවමදාවත් කරන්න හිතන්නෙවත් නැති දෙයක්. එහිදී මාතෘකා වුනේ එවැනි බලහත්කාරී තත්වයන් නොවන, නමුත් ගැටලු ඇතිකරවන කිසිඳු සාදාරන හේතුවක් නොමැති සම්බන්ධතා ගොඩනගාගැනීම් ගැන. ඒ අවස්ථාවේදී මා කරගෙන යන ව්‍යාපාර තුල හෝ ජීවත් වන සමාජය තුලින් මා ලබා ඇති අත්දැකීම් අනුව මෙවැනි සම්බන්ධතාවලට එකඟත්වය පල කරන කාන්තා හැසිරීම් පිළිබඳ ඒ ප්‍රකාශය මා සිදු කලා. මෙම වීඩියෝ පටය සංස්කරනය කිරීමේදී කෙසේ හෝ මේ සියලු අදහස් එකම පෙලකට සංස්කරනය කර තිබෙනවා සහ එම සංස්කරණය කල වීඩියෝව අවසානයේ අප විසින් අනුමත කිරීමක් නොකර පල කිරීමට ඉඩ සලසා දීමෙන් ඉතාම කණගාටුදායක පණිවිඩයක් සමාජගත වී තිබෙනවා.

මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ. ඒ වගේම අපේ පවුල් පසුබිම එක රැයින් මුදල් ඉපයූ පසුබිමක් ද නෙවේ. අපේ දෙමාපියන් ජීවිතේ ගොඩනැගු හැටි අපි සියැසින් දැක තිබෙනවා. අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගල හඳුනනවා. දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඉතාමත් කණගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදියෙ ප්‍රකාශයක් ජනගත වීම පිලිබඳව.

මා පෞද්ගලිකව ඕනෑම මිතුරියකට , කාන්තාවකට, දියණියකට ඕනෑම ආකාරයේ සහයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්න කරුණක්. අදත් හෙටත් ඔබට මාගෙන් කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහයක් , සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා සම්බන්ධ කරගන්න පුලුවන්!

අවසන් වශයෙන්, එක වීඩියෝ පටයකින් එක අතපසුවීමකින් මා ගැන නිගමනයකට නොඑන ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Muthu Rajaputhra