hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජූනි 19, පෙ.ව. 12:01



කලා ලෝකය තුළ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක් වුන අප අතරින් සදහටම සමු ගත් ජැක්සන් ඇන්තනීගෙ ආදරණීය පුත්‍රයා තමයි සජිත අනුත්තර ඇන්තනි  කියන්නේ. සජිත ගැන කතා කරද්දි ඔහු පුංචි කාලෙ ඉඳන්ම සිනමාවෙන් කලාවට ඇවිදින් ඉන් පස්සේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළත් විශාල ගමනක් ආපු කලාකරුවෙක්.

ඒ වගේම මතක් කරන්න ඕනේ  නාඩගම් කාරයෝ ටෙලි නිර්මාණයට ඔහු රංගනයෙන් දායකත්වය දක්වපු නිසා පුංචි තිරය තුළත් සජිත කියන නම කවදාවත් අමතක වෙන්න නැති චරිතයක් වුණා. මේ වෙද්දී සජිත ආයෙමත් අලුත් ටෙලි නාට්‍ය කීපයක් එක්ක සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරනවා.

ඒවගේම තමයි පහුගිය කාල සීමාවේදී ඔහුගේ ජීවිතයේ තිබුණු  විවිධ ප්‍රශ්න ගැටලු නිසා කලාව සජිතගෙන් කලාව ටික කාලෙකට ගිලිහෙනවා.නමුත් ආයෙමත් සැරයක් කලා ක්ෂේත්‍රය තුළ ඔහු කරපු ඒ වැඩ කොටස ඔහුට කරන්න ශක්තියක් වුනේ ඔහුගේ ආදරණීය බිරිඳ බූවී.ඒ සම්බන්ධයෙන් සජිත කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

“ඔව්, දැන් මට යාළුවෙක් හමුවෙන්න එළියටවත් යන්න බැහැ. හොරෙන් යන්න ඕන. ආවට පස්සේ කොහෙද ගියේ, කීයටද ගියේ, මොනවද කළේ මේ ඔක්කොම රිපෝට් කරන්න ඕන. මගේ අම්මා හෝ චතුරිකාවත් කවදාවත් මගෙන් එහෙම ප්‍රශ්න කරන්නේ නැහැ. දාන්න ඕන නීති ඔක්කොම දාලා මාව හිර කරන්නෙ එයා විතරයි. මොකද අපි එයාව කොයිම මොහොතකවත් තනි කරන්නේ නැහැ, චතුරිකා හරි මම හරි එයා එක්ක ඉන්නවාමයි. බැරිම වුණොත් විතරයි අම්මා ළඟ පොඩි වෙලාවකට දාලා යන්නේ, අපේ වැඩවලට වඩා එයාගේ මානසික නිදහස අපිට වටිනවා. ඒ නිසා තමයි එයාට නිතරම අපිව ඕන.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: