hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 12:01



මෙරට අතිශය ජනප්‍රියත්වයට පත් කුඹියෝ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය නැහැ.

සනත් නිශාන්තගේ අභාවය ගැන මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඔහු ගැන ලක්මාල් ධර්මරත්න සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

සනත් නිශාන්ත මන්ත්‍රීවරයාගේ මරණින් පසු තවත් අයෙක් “සනත් නිශාන්තගේ” හිඩැස පුරවනු ඇත. සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට නීතියකින් දඬුවම් ලැබී එවැනි “සනත් නිශාන්තලා” නැවතත් ඇතිනොවෙන තැනකට රටක් ලෙස වැඩකරන්නේ නැතිව ඔහුගේ මරණින් පසු සතුටුවුණා කියා අපි කාටවත් ලැබෙන බිබික්කමක් නැත.

ජනතා චන්දයෙන් තේරී පත්වී ඇවිත් “ඉහල පුටු” පිනවීමට බිළිවන සනත් නිශාන්ත මන්ත්‍රීතුමාලාගේ ඛේදවාචකය හුඟක්වෙලාවට එදා ගෝල්ෆේස් එකේ ගුටිකෑ සහෝදරත්වයටත්, සනත්ලාගේ දේශපාලනය නිසා මහපාරට වැටී බඩගින්නේ සිටින මිනිස්සුන්ගේ ඛේදවාචයටත් වඩා ඉතා දරුණුය.

ඒත් තව සතියකින් අළුත් සනත් නිශාන්ත එළියට බහිනවා ඇත. මීට කලින් ‘සනත් නිශාන්ත’ තනතුර හෙබවූ සිරිසේන කුරේ, මර්වින්, ශ්‍රීපති, ජොන්ස්ටන්, ද.මු, තෙවරප්පෙරුම ආදී එකී මෙකී නොකී වගේම තවත් අළුත් සනත් නිශාන්තලා දස දහස් ගාණක් ඉදිරියේ බිහිවෙනවාත් ඇත….

අපි ඒ අනාගතයේ බිහිවෙන්නට නියමිත “සනත් නිශාන්තලා” ත්, ඒ අයගෙන් රටට සිද්දවෙන අගතියත් වෙනුවෙන්ම සනත් නිශාන්තලා නැවත නැවත බිහිනොකරන ක්‍රමයක් හදාගන්නට උත්සාහ කරමු. මේ අවුරුද්දේ ජනතාවට ඒ සඳහා අවස්තාවක් ලැබෙමින් තිබේ….

ඉතිං සනත්,

ඔබේ මරණයට සිනහවෙන කිසිවෙක් හෝ සතුටුවන කිසිවක් හෝ නොදැකම ඔබ යන්නට ගියේය. එකම දේ ඔබේ මරණය හේතුවෙන් ඇතිවී ඇති මහා ජනතා ප්‍රීතියේ පීඩනයේ පණිවිඩය දැනට ජීවත්ව ඉන්න “සනත් නිශාන්තලා” ත්, අනාගත සනත් නිශාන්තලාත් ටික කාලයකට හෝ අධෛර්‍යමත් කිරීමේත්, යම් ආකාරයකට තමන් ගැනම දෙවරක් හිතවීමේත් පණිවිඩයක් බවට පත්වෙමින් ඇත…

ඔබ නොදැනම අපිට දුන්න ඒ පණිවිඩය වෙනුවෙන් අවසාන මොහොතේ හෝ ස්තූතියි සනත් ….





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: