hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ජනවාරි 26, පෙ.ව. 11:40



“අපි පුළුවන් තරම් ඉක්මනට කොළඹ එන්න හිතාගෙන ආවේ. ඒ වෙනකොට ඇමැතිතුමාට නින්ද ගිහින් හිටියේ. හයිවේ එකේදී ඉස්සරහින් ගිය කාර් එක මම වම් පැත්තෙන් ඉස්සර කළා. ආපහු ජීප් එක දකුණු පැත්තේ මං තීරුවට ගන්න හදද්දී ඉස්සරහින් ගිය කන්ටේනර් එකේ දඩෝං ගාලා හැප්පුණා. ජීප් එක කන්ට්‍රෝල් නැතිව ගිහින් වැටේ හැප්පිලා නතර වුණා” යැයි රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාට මරු කැඳවූ මාරක රිය අනතුරට මුහුණ දුන් ජීප් රථයේ රියැදුරු ප්‍රභාත් එරංග පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර තිබෙනවා.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 11-1 කණුව කඳාන මොරාවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) අලුයම 1.55 ට පමණ සිදුවූ මෙම මාරක අනතුරින් සුළු තුවාල ලැබූ රාජ්‍ය ඇමැතිවරයාගේ රියැදුරු වන ප්‍රභාත් එරංග රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

අනතුර සම්බන්ධයෙන් එම රියැදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්‍ෂාව යටතේයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: