hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2024 ජනවාරි 26, ප.ව. 12:53



පසුගිය දා රිය අනතුරකින් මියගිය හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා.

හිටපු ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පැමිණ සිටියා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඇතුලූ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ද හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අවසන් ගෞරව දැක්වූවා.

සනත් නිශාන්ත මහතාගේ දේහය මහජනතාවගේ අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ තැන්පත් කර ඇති අතර අද ඔහුගේ උපන් ගම වන පුත්තලම ආරච්චිකට්ටුව වෙත රැගෙන යාමට නියමිතයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා (28) ඔහුගේ උපන් නගරයේදී සිදුකිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: